Home A/L Exam 2009 A/L Chemistry MCQ Paper – Online Practice Quiz

2009 A/L Chemistry MCQ Paper – Online Practice Quiz

by Online Panthiya
0 comment

Are you preparing for the G.C.E. Advanced Level (A/L) Chemistry examination? Practice the 2009 A/L Chemistry MCQ Paper online and test your knowledge with our interactive quiz.

This online Chemistry MCQ practice paper allows you to answer questions in an easy, quiz-style format and receive instant feedback with correct answers. It is an excellent opportunity to revise important Chemistry concepts, identify areas that need improvement, and familiarize yourself with past paper questions.

Whether you are revising for your upcoming A/L examination or testing your knowledge with previous examination papers, this online quiz will help you improve your confidence and exam readiness.

Start practicing the 2009 A/L Chemistry MCQ paper online today and take another step towards achieving your A/L Chemistry goals!

කාමර උෂ්ණත්වයේ දී වායු වශයෙන් පවතින මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ,

වැඩිම බන්ධන ශක්තිය සහිත ද්විපරමාණුක අණුවක් (X2) සාදන මූලද්‍රව්‍යයේ (X) ඉලෙක්ට්‍රොනික වින්‍යාසය වනුයේ,

පහත සඳහන් ඒවා අතුරෙන් එකම හැඩය ඇති අණු/අයන වනුයේ,

(A,) NH3  (B) H3O+  (C) ClF3  (D) BCl3  (E) PCl3  

A, B, C සහ D මඟින් දැක්වෙන සංයෝගවල අම්ල ප්‍රබලතාව වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ,

සංශුද්ධ Na2SO4 142 mg ක් 500 cm3 පරිමාමිතික ප්ලාස්කුවක් තුළ ජලයේ දිය කර, එය සලකුණ තෙක් තනුක කිරීමෙන් Na2SO4 ද්‍රාවණයක් සාදා ඇත. මෙම ද්‍රාවණයේ  Na+ අයන අන්තර්ගතය mg dm-3
ඒකකවලින් වනුයේ, ( 0 = 16.0, Na =23.0, S = 32.0)

සාමාන්‍යයෙන් වාතයෙහි ඇති (A)Ar, (B) Co2, (C) H2, (D) N2 සහ (E)O2 යන වායුවල පරිමා
ප්‍රතිශතය අඩුවීමේ අනුපිළිවෙළ වනුයේ,

ZnCl2 සහ සාන්ද්‍ර HCl සමග මිශ්‍ර කළ විට වැඩිම සීඝ්‍රතාවෙන් ප්‍රතික්‍රියා කරන්නේ පහත දැක්වෙන කුමන සංයෝගය ද? 

ජලීය ද්‍රාවණයක Νa2S2O3.5H2O හි ස්කන්ධ ප්‍රතිශතය 20% කි. කාමර උෂ්ණත්වයේදී මෙම ද්‍රාවණයේ ඝනත්වය 1.24 g cm-3 වේ. එම ද්‍රාවණයේ Na2S2O3 හි මවුලිකතාව වනුයේ,

(H=1.0, O=16.0, Na=23.0, S =32.0)

 

අන්තරික මූලද්‍රව්‍ය පිළිබඳ ව සාමානයෙන් සත්‍ය නොවන්නේ පහත සඳහන් ප්‍රකාශවලින් කුමක්ද?

පහත සඳහන් ඉලෙක්ට්‍රොනික වින්‍යාසවලින් කුමක්, ඒවා අතරෙන් වැඩි ම පරමාණුක අරය ඇති පරමාණුවට අනුරූප වේද?

පහත සඳහන් අණු /අයන කාණ්ඩවලින් කුමක නයිට්‍රජයන්හි ඔක්සිකරණ තත්ත්ව පිළිවෙලින් -3, 0 සහ +3 වන්නේද?

පහත දැක්වෙන සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

Li සිට F දක්වා මූලද්‍රව්‍යවල පළමු අයනීකරණය ශක්ති වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ,

දැල්ලකින් උද්දීපනය කළ H පරමාණු නියැදියක ඉලෙක්ට්‍රෝණ, n= 1, 2, 3 4 සහ 5 යන ශක්ති මට්ටවල ව්‍යාප්ත ව ඇත. බෝර් වාදය අනුව, මෙම නියැදියෙන් පිට කෙරෙන විකිරණවල විවිධ තරංග ආයාම සංඛ්‍යාව කොපමණ ද?

X සහ Y හි සාපේක්ෂ අණුක ස්කන්ධවල අනුපාතය 2 : 3 වේ.X සහ Y හි මිශ්‍රණයක X හි මවුල භාගය 1/3 කි. මිශ්‍රණයෙහි X හි ස්කන්ධ ප්‍රතිශතය වනුයේ,

H2O2 පිළිබඳ ව සත්‍ය නොවන්නේ පහත සඳහන් ප්‍රකාශවලින් කුමක් ද?


සෝඩියම් බෝරොඩියුටරයිඩ් (NaBD4) සමග පිරියම් කර ඉන්පසු ජලවිච්ඡේදනය කළ විට ලැබෙන ඵලය වනුයේ,

X ලවණයක් තනුක H2SO4 සමග රත් කළ විට, එය ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් සමග සුදු අවක්ෂේපයක් දෙන වායුවක් පිට කළේය. X තනුක H2SO4සහ Zn සමග රත් කර විට, එය ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් සමග කළු අවක්ෂේපයක් දෙන වායුවක් පිට කළේය. X හි ඇති ඇනායනය වනුයේ,

Al3+, F-, Mg2+, Na+ සහ O2- යන අයනවල අයනික අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ,

පහත සඳහන් ජලීය ද්‍රාවණ 25.0 cm³ බැගින් මිශ්‍ර කළ විට පිටවන තාප ප්‍රමාණ පහත දී ඇත. 

පහත සඳහන් කුමක් නිවැරදි ද?

පහත සඳහන් විද්‍යාඥයින් අතුරෙන් පරමාණුක වාදය ගොඩනැගීම හා සම්බන්ධ නොවූයේ කවරෙක් දැයි හඳුනාගන්න


A, Bසහ C යන කාබොකැටායනවල ස්ථායිතාව වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ,

වායු අවස්ථාවේදී ප්‍රබලතම ඔක්සිහාරකය වනුයේ පහත සඳහන් ඒවායින් කුමක්ද?

ජලීය FeBr3 ද්‍රාවණයක් සමඟ ප්‍රතික්‍රියා කරන්නේ කුමන වායු ද?

(A) SO2
(B) CO2
(C) H2S
(D) Cl2

විද්‍යුත් විච්ජේදනය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?

ජලීය NaOH සමග රත් කළ විට ඇමෝනියා වායුව පිට නොකරන්නේ පහත සඳහන් කුමක්ද?

මඟින් දැක්වෙන සංයෝගය Br2 සහ FeBr3 සමග බ්‍රෝමිනීකරණය කළ විට ඔබ බලාපොරොත්තුවක ඵලය කුමක් ද?

Na2CO2 සහ NaHCO3 හි ජලීය ද්‍රාවණ එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා පහත සඳහන් කුමන ඒවා වෙන් වෙන් වශයෙන් ම භාවිතා කර හැකි ද?
(A) ෆීනොල්ෆ්තැලීන්
(B) මීතයිල් ඔරේන්ජ්
(C) ලිට්මස් කඩදාසි
(D) හුණූ දියර

25°Cදී Al3+ (aq) + 6F- (aq)  AlF63- (aq) යන ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය  1.0 × 1025mol-6dm18 වේ. 0.010 mol dm-3 Al(NO3)3  ද්‍රාවණ  25.0 cm³ක්, 0.10 mol dm-³ NaF ද්‍රාවණ
25.0 cm³ ක් සමග එකිනෙකට මිශ්‍ර කළ විට ලැබෙන ද්‍රාවණයේ AlF63- (aq), සාන්ද්‍රණය mol dm-3 වලින්

හයිපොෆොස්පරස් අම්ලයට මෙම වයූහය ඇත.

 

පහත දැක්වෙන කුමන ලක්ෂණ මෙම ව්‍යුහය සමග එකඟ වේද?
(A) එය ඔක්සිහාරකයකි. 
(Β) එය ඒකභාෂ්මික අම්ලයකි.
(C) පොස්පරස් පරමාණුව -1 ඔක්සිකරණ තත්ත්වයේ ඇත.
(D) පොස්පරස් පරමාණුව +1 ඔක්සිකරණ තත්ත්වය ඇත.

සමාන තත්ත්වය යටතේ හයිඩ්‍රජන් සයනයිඩ් සමග බෙන්සැල්ඩිහයිඩ් සංයෝග

 
(මෙහි Y = NO2, Cl, CH3 හෝ OH) දක්වන ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතා අනුපිළිවෙල වන්නේ,

HF, HCL, HBr සහ HI යන හයිඩ්‍රජන් හේලයිඩ පිළිබඳව සත්‍යය නොවන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශය ද?

විද්‍යුත් රසායනික කෝෂයක් සෑදීම සඳහා  Zn(s) / Zn2+ (aq, 1.0 mol dm-3) සහ Cu(s)/Cu2+ (aq, 1.0 mol dm-3) ඉලෙක්ට්‍රෝඩ ලවණ සේතුවක් මඟින් සම්බන්ධ කෙරිණ. 25°C දී, Zn2+ (aq)/zn(s) සහ Cu2+(aq)/Cu(s) ඉලෙක්ට්‍රෝඩවල සම්මත ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝඩ විභව පිළිවෙලින් -0.76 V සහ +0.34 Vවේ. එම උෂ්ණත්වයේ දී ම ඉහත කෝෂයේ පරික්ෂණාත්මකව මනින් ලද විද්‍යුන් ගාමක බලය 1.20V විය.

වි‍ද්‍යුත් ගාමක බලයෙහි බලාපොරොත්තුවන අගය සමග සසඳන විට මනින ලද අගයෙහි අපගමනය I | y d f y a j=l aύh නොහැක්කේ පහත ප්‍රකශ වලින් කවරක් ද?

A, සංයෝගය හුණු දියර කිසි පාට කරන වායුව පිට කරමින් ජලීය Na2CO3 සමග ප්‍රතික්‍රියා කරයි. A, ජලීය NaOH හි අද්‍රාව්‍ය ය. A, නයිට්‍රස් අම්ලය සමග පිළියම්කර , ඉන්පසුව ඊට ජලීය  NaOH හි පීනෝල ද්‍රාවණයක් එකතු කිරීමේදී රතු සායමක් ලැබේ.  Α හි ව්‍යුහය කුමක්ද?

1.00 mol dm-3 HCI ද්‍රාවණ 50.0 cm3 ක නියැදියක්' 0.50 mol dm-3 NaOH ද්‍රාවණ 100.0cm3 ක නියැදියක් සමග තාප පරිවාරක ප්ලාස්කුවක මිශ්‍ර කරන ලදී. එවිට පුවණ මිශ්‍රණයේ උෂ්ණත්වය 25.00C සිට 29.5°C දක්වා ඉහල නැගුණි. ද්‍රාවණයේ විශිෂ්ඨ තාපය 4.2 J °C-1 g-1 නම් සහ ප්ලාස්කුවේ තාප ධාරිතාව නොසලකා හැරිය හැකි නම් , මෙම උෂ්ණත්වයේදී HCl සහ NaOH අතර උදාසීනීකරණ එන්තැල්පිය kJ mol-1 වලින්, 

නයිලෝන් 6,6 හි ව්‍යුහය වනුයේ,

2-බියුටනෝල් (2-Butanol) ආම්ලිකෘත සෝඩියම් ඩයික්‍රොමෙට් සමග ප්‍රතික්‍රියා කර A ලබාදෙයි. 2-බ්යුටනෝල්හි තවත් නියැදියක් PCl3 සමග ප්‍රතික්‍රියා කර B ලබා දෙයි. B, මැග්නීසියම් සහ ඊතර් සමග රත් කළ විට C ලබා දෙයි. A සහ C ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලය ජලච්ඡේදනය කළ විට D ලබාදෙයි. D හි ව්‍යුතය කුමක්ද?

සල්ෆේට් ව්‍යූහයේ සත්‍යය ව්‍යුහයට අසන්නම ව්‍යුහය වනුයේ,

හෙක්සේන් අඩුම ද්‍රාව්‍යතාව දක්වන්නේ පහත දැක්වෙන කවර ද්‍රාවකයේ ද?

සංතෘප්ත Fe(OH)3 ද්‍රාවණයක pH අගය එක් ඒකකයකින් වැඩි කළ විට Fe3+ සාන්ද්‍රණයට කුමක් වේ ද?

අංක 41 සිට 50 දක්වා ප්‍රශ්නවලට උපදෙස්.

අංක 41 සිට 50 තෙක් වු එක් එක් ප්‍රශ්නයේ දක්වා ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදිය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.

(a) සහ (b) පමණක් නිවැරදි නම් (1) මතද
(b) සහ (c) පමණක් නිවැරදි නම් (2) මතද
(c) සහ (d) පමණක් නිවැරදි නම් (3) මතද
(d) සහ (a) පමණක් නිවැරදි නම් (4) මතද
වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම් (5) මත ද උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස් පරිදි ලකුණු කරන්න.

ජලය සම්බන්ධව පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍යවේ ද?

(a) ජලය ක්ලෝරොඊතේන්වලට වඩා යුහුසුළුව එතනොයිල් ක්ලෝරයිඩ සමඟ ප්‍රතික්‍රියා කරයි.
(b) ජලය CH3MgBr සමඟ යුහුසුළුව ප්‍රතික්‍රියා කර මෙතනෝල් ලබා දේ.
(C) ජලය අණුවක ද්විධ්‍රෑව ඝුර්ණය ශූන්‍ය වේ.
(d) අයිස්වල දී, එක් එක් ඔක්සිජන් පරමාණුව වටා හයිඩ්රජන් පරමාණු හතරක් චතුස්තලීය ආකාරයට සකස් වී ඇත.

පහත දී ඇති කුමන ද්‍රව්‍යය/ද්‍රව්‍ය ජලයේ දිය කළ විට ආම්ලික ද්‍රාවණ ලබා දෙයි ද?

(a)NH4Cl
(b) NH4ClO3
(c) CH3COONa
(d) NaF

A හා B එකිනෙකට මිශ්‍ර වන ද්‍රව දෙකකි. Α හි තාපංකය B හි තාපාංකයට වඩා වැඩිය. A හා B හි සමමවුල ද්‍රාවණයක් රේචනය කරන ලද භාජනයක තබා එහි වාෂ්පය සමඟ සමතුලිතතාවට එළඹීමට ඉඩ හරින ලදී. මෙම පද්ධතිය පිළිබඳ ව සත්‍යය වන්නේ සහත සඳහන් කුමන සම්බන්ධතාව/සම්බන්ධතා ද?(පරිපූර්ණ හැසිරීම උත්කල්පනය කරන්න) සමතුලිතතාවේ දී

XA =ද්‍රාවණ කලාපයේ Aහි මවුල භාගය
XB = ද්‍රාවණ කලාපයේ B මවුල භාගය 
YA =වාෂ්ප කලාපයේ Aහි මවුල භාගය.
YB =වාෂ්ප කලාපයේ Bහි මවුල භාගය

(a) XA =XA
(b) XA + XB = YA + YB
(c) XA < XB
(d) YA < YB

මිනිරන් පිළිබඳ ව සත්‍ය නොවන්නේ පහත සඳහන් කුමන වගන්තිය/ වගන්ති ද?

(a) මිනිරන්වල සියලුම කාබන් පරමාණු Sp3 වල මුහුම්කරණය වී ඇත.
(b)එයට ඉහළ ද්‍රවංයකයක් ඇත.
(c) එය විද්‍යුත් සන්නායකයක් වේ.
(d) කර්මාන්තයේ දී එය ඉන්ධනයක් ලෙස භාවිතා කෙරේ.

හුමාල ආසවනය සම්බන්ධව පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍යවේද?

(a) සීනී පැසවීමෙන් පසු එතනෝල් ලබා ගැනීම සඳහා හුමාල ආසවනය යොදා ගනු ලැබේ
(b) කරාබු නැට් හුමාල ආසවණයේදී ඉයුජීනෝල් (eugenol) ප්‍රධාන සංඝටකය ලෙස අඩංගු සගන්ධ සහිත තෙලක් ලැබේ.(c) කුරුඳු කොළ හුමාල ආසවනය කරන අතරතුර ආසූතයේ (distillate) සංයුතිය නොවෙනස්ව පවතී.
(d) පොට්රෝලියම් පිරිපහදු කිරීමේ දී හුමාල ආසවනය යොදා ගැනේ.

ලෝහ පිළිබඳව සත්‍ය වන්නේ පහත සඳහන් ඒවායින් කුමන වගන්තිය/වගන්ති ද?

(a) ඒවා විදුලිය සන්නයනය කරයි. 
(b) සෑම ලෝහකම ලෝහයකම ඝනත්වය, ජලයේ ඝනත්වයට වඩා වැඩිය.
(c) සැමවිටම H2 වායුව මුක්ත කරමින් ඒවා තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරයි., 
(d) මුලද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ලෝහ වේ.

ගතික සමතුලිතතාව සමජාතිය රසායනික ප්‍රතික්‍රියා පද්ධතියක් සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්තිය සත්‍ය වේ ද?

(a) ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල වේග නියන සමාන වේ.
(b) ඕනෑම වේලාවක දී ප්‍රතික්‍රියාවේ සියලු සංරචකවල සාන්ද්‍රණ නියත වේ.
(c) ප්‍රතික්‍රීයකයක් එක් කළ විට පද්ධතියේ සිදුවන වෙනස පුරෝකථනය කිරීමට ලෙචැටලියර් මූලධර්මය භාවිත කළ හැකිය.
(d) සමතුලිතතාව තාපාවශෝෂක නම් පමණක්, උෂ්ණත්වය වැඩි කළ විට ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකෙහිම සීඝ්‍රතා වැඩි වේ.

පහත සඳහන් පරිවර්තනවලින් කුමන එක/ඒවා ඔක්සිකරණයක් හා ඔක්සිහරණයක් හෝ නොවේ ද?

(a) N2O2 → N2O
(b) CrO42- → Cr2O72-
(c) ClO- → Cl-
(d) SO3 → SO42-


යන සංයෝගය සම්බන්ධව පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) එයට ත්‍රිමාන සමාවයවික හතරක් ඇත.
(b) එය ජලීය HCl සමග ප්‍රතික්‍රියා කර ස්ථාන සමාවයවිකතාව පෙන්නුම් කරන ඇල්කොහොලවල දෙකක මිශ්‍රණයක් ලබා දේ.
(c) උත්පේරක හයිඩ්‍රජනීකරණයට භාජනය කල විට ත්‍රිමාණ සමාවයවිකතාව පෙන්නුම් නොකරන හේලොඇල්කේනයක් ලබා දේ.
(d) ඉහත සංයෝගගේ සෝඩියම් විලයන නිස්සාරකයකට ජලීය FeS04 එකතු කළ විට දම් පැහැයක්, නිරීක්ෂණය වේ.

පරිපූර්ණ වායු නියැඳියක් සඳහා පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) අණුක වේගවල ව්‍යාප්තිය උෂ්ණත්වය මත රඳා පවතී.
(b) නියත පීඩනයකදී උෂ්ණත්වය සමඟ පරිමාව වෙනස්වීමේ සීඝ්‍රතාව උෂ්ණත්ව පරිමානය සෙන්ටිග්‍රේඩ් ද කෙල්වින් ද යන්න මත රඳා නොපවතී. 
(c) උෂ්ණත්වය නියතව තබා ගන්නා තාක් නියැඳියේ පරිමාව නියතව පවතී.
(d) වායුවේ පීඩනය ඒකීය කාලයක දී සිදුවන සංඝටක සංඛ්‍යාවේ වර්ගය (දෙවන බලය) මත රදා පවතී.

අංක 51 සිට 60 දක්වා ප්‍රශ්නවලට උපදෙස්:

අංක 51 සිට 60 තෙක් ප්‍රශ්නවල දී එක් එක් ප්‍රශ්නය සදහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොදින් ම ගැළපෙනුයේ (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පලමුවැන්න නිවැරදි ව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත්, පලමුවැන්න නිවැරදි ව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය ය.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.

පළමුවැනි ප්‍රකාශය 
ජලීය ද්‍රාවණයේ දී HF, HCI වලට වඩා දුර්වල අම්ලයකි.

දෙවැනි ප්‍රකාශය
ක්ලෝරීන් වලට වඩා ෆ්ලෝරීන් විද්‍යුත් ඍණ වේ. 

පළමුවැනි ප්‍රකාශය

H₂SO4 බින්දු කිහිපයක් එකතු කළ විට ජලයේ විද්‍යුත් සන්නායකතාව වැඩි වේ.

දෙවැනි ප්‍රකාශය
H2SO4 අම්ලය, ජලයේ විඝටනය වැඩි කරයි.

පළමුවැනි ප්‍රකාශය

පොලිවයිනයිල් ක්ලෝරයිඩ් අසන්තෘප්ත බහුඅවයවයකි .

දෙවැනි ප්‍රකාශය
CH2 = CH-CI බහුඅවයවීකරණය කිරීමෙන් පොලිවයිනයිල් ක්ලෝරයිඩ් සාදනු ලැබේ.

පළමුවැනි ප්‍රකාශය

නියුක්ලියොෆිලික ආකලන ප්‍රතික්‍රියාවල දී සාමාන්‍යයෙන් ඇලිපැටික ඇල්හයිඩ, ඇලිපැටික  කීටෝනවලට වඩා ප්‍රතික්‍රියාකාරි වේ.

දෙවැනි ප්‍රකාශය
කීටෝනයක ඇල්කිල් කාණ්ඩ මගින් ඉලෙක්ට්‍රෝන මුදා හැරීම සඳහා නිසා කාබනයිල් කාබන් අඩු ධන ආරෝපණයක් ගනි.

පළමුවැනි ප්‍රකාශය

ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සෑම විටම  සමගාමිව සිදු වේ.

දෙවැනි ප්‍රකාශය
සියලුම රසායනික ප්‍රතික්‍රියා ද්විධාකරණය ප්‍රතික්‍රියා වේ.

පළමුවැනි ප්‍රකාශය

ද්‍රාවණයක  pH අගය  1 සිට 2 දක්වා වෙනස් කළ විට ඇති වන [H+] වෙනස pH අගය. 3 සිට 4 දක්වා වෙනස් කළ විට ඇති වන (H+) වෙනසට සමාන වේ.

දෙවැනි ප්‍රකාශය
ජලීය ද්‍රාවණයේදී pH = -log10[H+]

පළමුවැනි ප්‍රකාශය

C6H5CH2NH2 සහ. C6H5NH2 ජලීය HCI හි ද්‍රාව්‍ය වන අතර C6H5CONH2 ජලීය HCl හි අද්‍රාව්‍ය වේ.

දෙවැනි ප්‍රකාශය
C6H5CONH2 හි භස්ම ප්‍රබලතාව C6H5CH2NH2 හි හෝ C6H5NH2 හි හෝ බ්‍රස්ම ප්‍රබලතාවට වඩා වැඩිය.

පළමුවැනි ප්‍රකාශය

 

CO2 සහ SO2 වෙන්කොට හඳුනා ගැනීම සඳහා තෙත ලිට්මස් කඩදාසියක් භාවිතා කළ නොහැකිය. 

දෙවැනි ප්‍රකාශය
CO2 සහ SO2 යන දෙකම ආම්ලික වායු වේ.

පළමුවැනි ප්‍රකාශය

උච්ච පීඩන සහ අඩු උෂ්ණත්වවල දී තාත්ත්වික වායු පරිපූර්ණ තත්ත්වයෙන් වඩාත් අපගමනය වේ.

දෙවැනි ප්‍රකාශය
තාත්වික වායු අණුවක පරිමාව පරිපූර්ණ වායු  අණුවක පරිමාවට වඩා අඩු ය.

පළමුවැනි ප්‍රකාශය

උෂ්ණත්වය වැඩි කරන විට ජලයේ අයනික ගුණිතය, Kw, අඩුවේ.

දෙවැනි ප්‍රකාශය
ජලය විඝටනය විම තාපදායක ක්‍රියාවලියකි. 

You may also like

Leave a Comment

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya