Home A/L ExamChemistry 2008 A/L Chemistry MCQ Paper – Online Practice Quiz

2008 A/L Chemistry MCQ Paper – Online Practice Quiz

by Online Panthiya
0 comment

Are you preparing for the G.C.E. Advanced Level (A/L) Chemistry examination? Practice the 2008 A/L Chemistry MCQ Paper online and test your knowledge with our interactive quiz.

This online Chemistry MCQ practice paper allows you to answer questions in an easy, quiz-style format and receive instant feedback with correct answers. It is an excellent opportunity to revise important Chemistry concepts, identify areas that need improvement, and familiarize yourself with past paper questions.

Whether you are revising for your upcoming A/L examination or testing your knowledge with previous examination papers, this online quiz will help you improve your confidence and exam readiness.

Start practicing the 2008 A/L Chemistry MCQ paper online today and take another step towards achieving your A/L Chemistry goals!

අලෝහමය මූලද්‍රව්‍ය වැඩිම ගණනක් අඩංගු වන්නේ ආවර්තිතා වගුවෙහි කුමන ආවර්තයේ ද?

පහත දී ඇති අණුවලින්/අයනවලින් අනෙක් ඒවාට වඩා වෙනස් හැඩයක් ඇත්තේ කුමකටද?

මෝටර් රථ එන්ජිමකින් පිටවන දුමෙහි තිබීමට ඉඩ නොමැති වායුවක් වනුයේ,

MSO4  xH₂O ස්කන්ධය අනුව  H2O 36%  ඇත.   x හි අගය වනුයේ,
(H=1.0, O=16.0, S=32.0, M=64.0)

සෝඩියම් ලෝහය සමඟ ප්‍රතික්‍රියා නොකරන්නේ පහත සඳහන් ඒවායෙන් කුමක් ද?

පහත සඳහන් අණුවේ S (1) හා S (2) පරමාණුවල ඔක්සිකරණ තත්ව වනුයේ පිළිවෙලින්
,

A(g) සහ Β(g)අතර පහත සඳහන් සමතුලිතාව ඇතිවේ.


ආරම්භයේ දී, රේචනය කරන ලද භාජනයක් තුළ A(g) ඔවුල 3 ක් තැබූ විට, සමතුලිතතාවයේ දී A හා B සම මවුල මිශ්‍රණයක් සෑදේ. x හි අගය වනුයේ ,

CHCl3 සහ ජලය අතර A සංයෝගයේ විභාග සංගුණකය 9 වේ. A. CHCl3 හි වඩා ද්‍රාවය වේ.
ආරම්භයේ දී A හි ජලීය ද්‍රාවණයක 100 cm3ක් තුළ  A, 2.00 g අඩංගු වේ. A හි මෙම ද්‍රාවණය CHCl3  100cm3 කොටස් දෙකකින් නිස්සාරණය කළ විට CHCl3 තුලට නිස්සාරණය වන A හි මුළු ස්කන්ධය වනුයේ,

කාමර උෂ්ණත්වයේ දී ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍ය දෙක වනුයේ.

1- අයන මවුල එකක් ඔක්සිකරනය කිරීම සඳහා වැඩීම මවුල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ පහත සඳහන් කුමකින්ද?

පහත දැක්වෙන සංයෝග සලකන්න.



තාපස්ථාපන බහුඅවයවකයනක් සාදන්නේ පහත සඳහන් කවර යුගලය ද?

ඇනිලීන් 1.86 g සමඟ ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය වන 0.20 mol dm-3 HCl පරිමාව වනුයේ,
(H = 1.0, C = 12.0, N=14.0)

ජලයේ දී ද්විධාරණයට භාජනය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

H2SO4 ,Na2CO සහ  HNO3 නිපදවිමේ කාර්මික ක්‍රියාවලිය සලකන්න. X  වායුව මෙවායින් එක් ක්‍රියාවලියකදී ආරම්භක ද්‍රව්‍යක් ලෙස භාවිත කරන නමුත් එය මොනයම් හෝ ආකාරයකින් අවසන් ඵලයෙහි ඇතුලත් නොවේ. X වායුව වනුයේ,

ඕසෝන් (O3) වායුව පිළිබඳ ව සත්‍ය නොවන්නේ පහත සඳහන් ප්‍රකාශ වලින් කුමක්ද?



A.B.C සහ D මඟින් දැක්වෙන සංයෝගවල අමිල ප්‍රබලතාව වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙළ වනුයේ,

X ලවණය, අවර්ණ ද්‍රාවණයක් සාදමින් තනුක HCl හි ද්‍රාව්‍ය  වේ. මෙම ද්‍රාවණය,
(i) ජලයෙන් තනුක කළ විට සුදු අවක්ෂේපයක් ලබා දෙයි.
(ii) H2S යැවූ විට කළු අවක්ෂේපයක් ලබා දෙයි.
X හි කැටායනය වනුයේ,

H2(g) ආශ්‍රයේ දී TiO2 රත්කළ විට ටයිටේනියම්වල වෙනත් ඔක්සයිඩයක් සෑදේ. TiO2 1.600g වලින් මෙම ඔක්සයිඩයේ 1.440 g සැදෙන්නේ නම්, එම ඔක්සයිඩගේ සූත්‍රය වනුයේ,

(0=16.0, Ti = 48.0)

A=බෙන්සොයික් අම්ලය B=එතනොයික් අම්ලය C=ඇසිටෝන් D=එතනෝල් A,B,C සහ D සංයෝගවල තාපාංකය වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල දැක්වෙනේ පහත සඳහන් කුමකින් ද?

S2- , Cl- , K+ සහ Ca2+යන අයනවල අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල වනුයේ,

M ලෝහයක් එහි සල්ෆේටය, M2(SO4)3 බවට පරිවර්තනය කරන ලදී. එම සල්ෆේටයේ ද්‍රාවණයක්, Pb(NO3)2  සමඟ පිරියම් කිරීමෙන්  PbSO4 ලැබුණි. M හි 1.04 g වලින් PbSO4 9.09g  (වියළි ස්කන්ධය ) ක් ලැබුණේ නම්. M ලෝහය වනුයේ,

(Al = 27.0,   Cr = 52.0,   Fe = 55.8,   Co = 58.9,   Ga = 69.7,   PbSO4 =303.0)

A, B, C සහ D අලෝහමය මූලද්‍රව්‍ය වේ.

පහත දැක්වෙන කුමක ලක්ෂණ බියුටීන්ඩයිඔයික් (butenedioic) අම්ලයේ ව්‍යුහය හා එකඟ වෙද?

(A) එය සමාවයවිකතාව පෙන්වයි.
(B) එය NaHCO3 ද්‍රාවණයකින් CO2 මුක්ක කරයි.
(C) එය Br2 දියර අවර්ණ කරයි.
(D) එය බියුටේන් -1, 4- ඩයිඕල්(butane-1,4-diol) සාදමින්  LiAIH4 සමග ප්‍රතික්‍රියා කරයි.

 

පහක දැක්වෙන ප්‍රතික්‍රියා පටිපාටිය සලකන්න.



(A) සහ (B) ප්‍රතික්‍රියා පියවර පිළිවෙලින්,

T1 සහ T2 උෂ්ණත්ව දෙකක් (T2>T1} සඳහා වායුවන අණුවල වේග ව්‍යාප්ති පහත දක්වා ඇත.
T1 සහ T2 උෂ්ණත්ව දෙකෙහි දී අණුවල වේගවලට තිබීමට වඩාත් ම ඉඩ ඇති විචලනය පෙන්වන්නේ  පහත දැක්වෙන 1-5 ප්‍රස්ථාර අතුරෙන් කුමක්ද?
[F(v) = v වේගය සහිත අණුවල භාගය]

X ලවණය තනුක H2SO4 සමඟ උණුසුම් කළ විට වායුවක් පිට කරයි .X හී ජලය ද්‍රාවණයක්,Ba(NO3)2 සමග තනුක HNO3 හි ද්‍රාව්‍ය, සුදු අවක්ෂේපයක් ලබාදෙයි. කෙසේ වෙතත් X,H2O2සමග පිරියම් කර, ඉන්පසුව Ba(NO3)2 එකතු කළ විට තනුක HNO3 හි අදාව්‍ය සුදු අවක්ෂේපයක් සෑදෙයි.Xහි ලවණයෙහි ඇති ඇනායනය වනුයේ,

යුරියා (NH2CONH2) ද්‍රාවණයක් රත් කළ විට පහත දැක්වෙන පරිදි වියෝජනය වේ.
NH2CONH2 +3 H2O → CO2 +2 NH4OH
සාන්ද්‍රණය 0.20 mol dm-3 වන Al(NO3)3 ද්‍රාවණ 100.0 cm³ ක ඇති Al  අවක්ෂේප කිරීම සඳහා අවශ්‍ය වන යූරියා ස්කන්ධය  වනුයේ ,
(H = 1.0, C = 12.0, N = 14.0, O = 16.0)

P,Q සහ R ලෝහ සදහා සම්මත ඔක්සිකරණ පහත දී ඇත.

P2+(aq) + 2e → P(s);                               E0 = -2.2 V
Q2+(aq) + 2e → Q(s);                              E0 = +1.2 V
R2+(aq) +2e → R(s);                               E0 = -2.8 V

සම්මත අවස්ථාවේ ඇති P, Q සහ R අර්ධ කෝෂ භාවිතයෙන් තනාගත් විද්‍යුත් රසායනික කෝෂ තුන පහත දී ඇති කවර ආකාරයකින් සම්බන්ධ කළහොත් 8.0 V විද්‍යුත් ගාමක බලයක් ලබාදෙයි ද?

 

[Fe (H2O)5 OH]2+ හි IUPAC නාමය වනුයේ,

NaOH ප්‍රමාණයෙන් 50%, ක් Na2CO3 බවට පරිවර්තනය වන තුරු 0.10 mol dm-3NaOH ද්‍රාවණ 25.00 cm3 ක් තුලින් CO2 යවන ලදී. ෆිනෝල්ප්තැලින් දර්ශකය ලෙස යොදා ගනිමින් මෙම ද්‍රාවණය 0.10 mol dm-3 HCl ද්‍රාවණයක් සමඟ අනුමාපනය කරන ලදී. අනුමාපනයේ අන්ත ලක්ෂ්‍යය විය හැක්කේ,

NaCl m1 g ද MgCl2 m2 g ද ජලයේ ද්‍රවණය කර 1.00dm-3 දක්වා තනුක කරන ලදී. මෙම ද්‍රාවණයෙන් 25.00 cm3 ක් AgNO3 ද්‍රාවණ වැඩිමනත් ප්‍රමණයක් සමඟ පිරියම් කරන ලදී. ලැබුණු AgCl අවක්ෂේපයෙ ස්කන්ධය m3 g විය.
(සාපේක්ෂ මවුලික ස්කන්ධය: NaCl = M1, MgCl = M2, AgCl = M3)
පහත දැක්වෙන කුමන ප්‍රකාශනය සත්‍ය වේ ද?

50C දී, තනුක HCl සහ NaNO2 සමඟ පිරියම් කල විට ඩයිසෝනියම් ලවණයක් සාදන්නේ පහත සදහන් P, Q,
R, S සහ T යන සංයෝගවලින් කවරක් ද? (D- ඩියුටීරියම්)

පහත දැක්වෙන ප්‍රකාශවලින් කවරක් සාවද්‍ය ද?

2C2H6(g) +7O2(g) → 4CO2(g) + 6H2O(l)           ; ΔHf0 = -3120 kJ
2H2(g) + O2(g) → 2H2O(l)                                 ; ΔHf0 = -572 kJ
C(s) + O2(g) → CO2(g)                                      ; ΔHf0 = -394 kJ

ඉහත දී ඇති දන්න භාවිතයෙන්
2C(s) + 3H2(g) → C2H6(g)
යන ප්‍රතික්‍රියාව සඳහා ගණනය කළ සම්මත එන්තැල්පි විපර්යාසය ΔH0 වනුයේ,

පීනොල්හි පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න.


A හා B හි ව්‍යුහ වනුයේ පිලිවෙලින්,


සමාන තත්ව යටතේ දී ඉහත ප්‍රතික්‍රියාවේ සිඝ්‍රතාව පිළිපදින අනුපිලිවෙල වන්නේ, (Ph මඟින් C6H5 දැක්වේ).

පහත දැක්වෙන ප්‍රකශවලින් සත්‍ය නොවන්නේ කුමක් ද?

හයිඩ්‍රොකාබන පිළිබඳ ව පහත දැක්වෙන කුමන ප්‍රකාශ සත්‍ය වේද?

(A) හයිඩ්‍රොකාබනයක සියලු කාබන් පරමාණු sp3 මුහුම් වූ ඒවා විය හැකිය.
(B) sp2 මුහුම් වූ කාබන් පරමාණු ඇත්නම් එම ගණන ඉරට්ටේ විය යුතුය.
(C) sp මුහුම් වූ කාබන් පරමාණු ඇත්නම් එම ගණන ඔත්තේ විය යුතුය.
(D) කාමර උෂ්ණත්වයේ දී ඒවා  ඝණ, ද්‍රව හෝ වායු විය හැකිය.

පහත දැක්වෙන පරික්ෂා සලකන්න.

A: සැලිසිලික් අම්ල ද්‍රාවණයකට FeCl3 එකතු කිරීම
B: CoCl2 ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එකතු කිරීම
C: Pb(NO3)2 ද්‍රාවණයකට Kl එකතු කිරීම
D: ආම්ලිකෘත K2Cr2O7 ද්‍රාවණයකට එතනෝල් එකතු කිරීම

A, B, C සහ D හිදී ලැබෙන ද්‍රාවණවල/ අවක්ෂේපවල වර්ණ වනුයේ පිළිවෙලින්

Mo අන්තර්ගතය 48ppm වන ඇමෝනියම් මොලිබ්ඩේට්, (NH4)2MoO4 ද්‍රාවණයක මවුලික සාන්ද්‍රණය වනුයේ, (1ppm= 1 mg dm-3, Mo=96)

අංක 41 සිට 50 දක්වා ප්‍රශ්නවලට උපදෙස්.

අංක 41 සිට 50 තෙක් වු එක් එක් ප්‍රශ්නයේ දක්වා ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදිය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.

(a) සහ (b) පමණක් නිවැරදි නම් (1) මතද
(b) සහ (c) පමණක් නිවැරදි නම් (2) මතද
(c) සහ (d) පමණක් නිවැරදි නම් (3) මතද
(d) සහ (a) පමණක් නිවැරදි නම් (4) මතද
වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම් (5) මත ද උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්
පරිදි ලකුණු කරන්න.

‍යම්කිසි මූලද්‍රව්‍යයක් +3, +5 සහ +7 යන ස්ථායී ඔක්සිකරණ අවස්ථා පෙන්වයි. මෙම මූලද්‍රව්‍යය පෙන්වන වෙනත් ස්ථායී ඔක්සිකරණ අවස්ථාවක්/ අවස්ථා වනුයේ,

(a) +1
(b) +2
(c) +6
(d) -1

පහත දැක්වෙන කුමක්/ කුමන ඒවා හරිතාගාර වායුවක්/වායු නොවේද?

(a) CH4
(b) CO2
(c) O2
(d) N2

සංතෘප්ත ජලීය Ca(OH)2 ද්‍රාවණයකට CaCl2(s) යම්කිසි ප්‍රමාණයක් එකතු කිරිම හා සම්බන්ධ ව පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) [OH-] වෙනස් නොවේ.
(b) Ca(OH)2 යම්කිසි ප්‍රමාණයක් අවක්ෂේප වේ.
(c) [Ca2+] වැඩි වේ.
(d) [H+] වෙනස් නොවේ.



ඉහත දක්වා ඇති ප්‍රතික්‍රියා පටිපාටිය සම්බන්ධව පහත දැක්වෙන කුමන වගන්තිය/ වගන්ති සත්‍ය වේ ද?

(a) C, A ට මෙන් ම D, B ට පරිවර්තනය කිරීම සඳහා එකම ප්‍රතිකාරකය භාවිතා කල හැකිය.
(b) A රත් කිරීමේ දී, NH3 සහ C ප්‍රධාන ඵල ලෙස සෑදේ.
(c) C, CH3COOH ට වඩා ප්‍රබල අම්ලයකි.
(d) D, AlCl3 සමඟ CH3CH2CO+AlCl4- සාදයි.

පහත දැක්වෙන ඒවායින් කුමක් /කුමන ඒවා වායුගෝලීය ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරයි ද?

(a) ජලීය LiI ද්‍රාවණය
(b) Mn(OH)2 ජලීය අවලම්බනය
(c) ජලීය Ca(OH)2 ද්‍රාවණය
(d) Cr(OH)3 ජලීය අවලම්බනය

Al(OH)3 සහ Zn(OH)2 සම්බන්ධ ව පහත දැක්වෙන කුමන වගන්තිය/ වගන්ති සත්‍ය වේ ද?
ඒවා දෙකම

(a) වැඩිපුර ජලීය NH4OH ද්‍රාවණයක ද්‍රාව්‍ය වේ.
(b) වැඩිපුර ජලීය NH4OH ද්‍රාවණයක අද්‍රාව්‍ය වේ.
(c) Al3+ සහ Zn2+  අයන අඩංගු ද්‍රාවණයකට NH4Cl සහ NH4OH එකතු කළ විට අවක්ෂේප වේ.
(d) උභයගුණි වේ.

පහත දැක්වෙන ඒවායින් කුමන සංයෝගය/ සංයෝග

පහත දැක්වෙන ඒවායින් කුමන සංයෝගය/ සංයෝග

  1. ඇමෝනීය AgNO3 සහ
  2. 2,4- ඩයිනයිට්‍රොෆීනයිල්හඩ්‍රසීන් (2,4-dinitrophenylhydrazine)

    යන ප්‍රතිකාරක දෙක සමඟ වෙන වෙනම ප්‍රතික්‍රියා කරයි ද?

ලෙ චැටලියර් මූලධර්මය සම්බන්ධ ව පහත දැක්වෙන කුමන වගන්තිය/වගන්ති සත්‍ය වේ ද?

(a) එය ඕනෑම සමජාතීය සමතුලිතතා පද්ධතියකට යෙදිය හැකිය.
(b) රසායනික ප්‍රතික්‍රියාවක සිඝ්‍රතාව, සාන්ද්‍රණය මත රඳා පැවතීම විස්තර කිරිම සඳහා එය භාවිතා කළ හැකි ය.
(c) එය වායු නිකුත් වන සමතුලිතතා ප්‍රතික්‍රියා පිලිබඳ ව නිවැරදි තොරතුරු ලබා නොදේ.
(d) වායු කලාපයේ ඇති සමතුලිතතා පද්ධතියකට නිෂ්ක්‍රිය වායුවක් එකතු කල විට ඇතිවන වෙනස විස්තර කිරිමට එය භාවිතා කල හැකිය.

 

හයිට්‍රජන්වල පරමාණුක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ 3 වන (Hy) සහ 4 වන (H8) රේඛා අතර පරතරය සමාන වන්නේ පහත දැක්වෙන කවර රේඛා යුගලය/යුගල අතර පරතරයට/පරතරවලට ද?

(a) බාමර් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා
(b) පාෂන් ශ්‍රේණියේ 1 වන සහ 2 වන රේඛා
(c) බාමර් ශ්‍රේණියේ 2 වන සහ 3 වන රේඛා
(d) පාෂන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා

 

අංක 51 සිට 60 දක්වා ප්‍රශ්නවලට උපදෙස්:

අංක 51 සිට 60 තෙක් ප්‍රශ්නවල දී එක් එක් ප්‍රශ්නය සදහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොදින් ම ගැළපෙනුයේ (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පලමුවැන්න නිවැරදි ව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත්, පලමුවැන්න නිවැරදි ව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය ය.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.


පළමු වගන්තිය
I2 සංශුද්ධ ජලයෙහි දීට වඩා ජලීය KI හි ද්‍රාවය වේ.

දෙවැනි වගන්තිය
නිර්ද්‍රවීය I2 වඩා ද්‍රාව්‍ය කරමින් KI, ජලයෙහි ධ්‍රැවීයතාව අඩු කරයි.

පළමු වගන්තිය

ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයේ ඇති විට, ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව, පසු ප්‍රතික්‍රියවේ සීඝ්‍රතාවට සමාන වේ.

දෙවැනි වගන්තිය
සමතුලිතතාවයේ දී ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට සමාන වේ.

පළමු වගන්තිය

SO2, විරංජන කාරකයක් ලෙස භාවිතා කරන විට, එය ඔක්සිකාරකයක් ලෙස ක්‍රිය කරයි.

දෙවැනි වගන්තිය
විරංජන ක්‍රියාව සාමාන්‍යයෙන් ඔක්සිකරණ ක්‍රියාවලියක් වේ.

පළමු වගන්තිය

CH3CH2COCl, ජලීය AgNO3 සමඟ AgCl හි සුදු අවක්ෂේපයක් දෙයි.

දෙවැනි වගන්තිය
අයනික ක්ලෝරීන් සහිත කාබනික සංයෝග ජලීය AgNO3 සමඟ AgCl හි සුදු අවක්ෂේපයක් දෙයි.

පළමු වගන්තිය

සිලිකා (SiO2) වලට ඉතා ඉහළ ද්‍රවාංකයක් ඇත.

දෙවැනි වගන්තිය
Si - O බන්ධන, ප්‍රබල සහසංයුජ බන්ධන වේ.

පළමු වගන්තිය

වායුවල ජලයෙහි ද්‍රව්‍යතාව උෂ්ණතවය අඩුවන විට වැඩි වේ.

දෙවැනි වගන්තිය
වායු, ජලයෙහි ද්‍රවණය වීම තාප දායක ක්‍රියාවලියකි.

පළමු වගන්තිය

උෂ්ණත්වය වැඩි කළ විට, තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක සමතුලිතතාව වැඩිපුර ඵල සාදමින් ඉදිරි දිශාවට නැඹුරු වේ.

දෙවැනි වගන්තිය
තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය, පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට වඩා වැඩි වේ.

පළමු වගන්තිය

 

තනුක HCl වලින් ආම්ලිකෘත ද්‍රාවණයකට H2S යැවු විට Zn2+ සහ Mn2+, සල්ෆයිඩ ලෙස අවකෂේප නොවේ.

දෙවැනි වගන්තිය
ZnS සහ MnS තනුක HCl හි ද්‍රාව්‍ය වේ.

පළමු වගන්තිය

ඉතා පහළ පීඩනවල දී තාත්වික වායු සඳහා සම්පීඩ්‍යතා සංගුණකය Z=(pV/nRT) එකට ආසන්න වේ.

දෙවැනි වගන්තිය
ඉතා පහළ පීඩනවල දී අන්තර් අණුක බල මඟින් වායු අණුවල හැසිරිම කෙරෙහි බලපෑමක් ඇති නොවේ.

පළමු වගන්තිය

ඉලෙක්ට්‍රෝන, ඇතැම් විට අංශු ලෙසද, ඇතැම් විට තරංග ලෙස ද හැසිරේ.

දෙවැනි වගන්තිය
ඉලෙක්ට්‍රෝනවලට අංශුමය සහ තරංගමය ටන ලක්ෂණ දෙකම ඇත.

You may also like

Leave a Comment

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya