Chemistry නැත්නම් රසායන විද්‍යාව කියන්නේ හොද ව්ෂයක් තමයි අපිට ඉගෙන ගන්න. ඒ ලෙවල් ඉවර වෙලා අපිට ඉස්සරහට මොකද කරන්නේ කියලා හිතනකොට මුලින්ම තියෙන ඔප්ෂන් එකක් තමයි කෙමිස්ට්‍රි පැත්තෙන් ඉස්සරහට යන එක. ලංකාවේ දැන් ගොඩක් ඔප්ෂන් තියෙනවා මේ පැත්තේන්. කැම්පස් එකකට යන්න අවස්ථාවක් නැත්නම් ඒ ලෙවල් ප්‍රතිඵල වලින් අපිට සුදුසු රැකියාවක් හොයා ගන්න පුලුවන්. එහෙම නැත්නම් කැම්පස් එක්කට යන්න අවස්ථාවක් තියෙනම් ඔයාට ඒ ලෙවල් ප්‍රතිඵලවලින් යන්න පුලුවන් ජොබ් වලට වඩා ටිකක් පුලුල් පරාසයක ජොබ් හොයා ගන්න පුලුවන්.
අපි හිතමු ඔයාට කොහොම හරි ඩිග්‍රී එකක් කර ගන්න චාන්ස් එකක් අවා කියලා. එක ප්‍රයිවෙට් යුනි හරි රජයේ යුනි එකක හරි ඩිග්‍රී එකක් කර ගන්න පුලුවන් නම් ඒ චාන්ස් එක ගන්න. රජයේ යුනි එක්කට යන්න චාන්ස් එකක් නැත්නම් විවෘත විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය දරන්න පුලුවන් ගානකට ඔයාට ඉගෙන ගන්න පුලුවන්. නැත්නම් අයි කෙම් එක වගේ එක්කෛන් රසායන විද්‍යාව පිලිබදව උපාධියක් ගන්න පුලුවන්. ඒ වගේම දැන් සමහර රජයේ කැම්පස් වලින් සල්ලි දීලා අපිට ඉගෙන පුලුවන්. ඒ මොන ක්‍රමයකින් හරි ඔයාට රසායන විද්‍යාව පිළිබඳව උපාධියක් ගන්න පුලුවන්නම් අපිට ඊලග ඔප්ෂන් බලට යන්න පුලුවන්.
උඩින් කීව එක ක්‍රමයකින් හරි ඔයා ඩිග්‍රී එකක් ගත්ත කියලා හිතමු. ඊලගට අපිට රසායන විද්‍යාව ගත්ත අයට තියෙන ජොබ් මොනවාද කියලා බලමු. ගොඩක් දුරට බොහොමයක් කම්පැනි R&D වලට රසායන විද්‍යාව පිළිබඳව උපාධි තියෙන අය ගන්නවා. උදාහරණයක් ව්දියට හේමාස්, යුනිලිවර් වගේ ආයතන. ඒ වගේම කොලිටි කොන්ට්‍රෝල් නැත්නම් තත්ව පාලන නිලධාරීන් සහ Production Supervisor වගේ ඒවටත් රසායන විද්‍යාව පිළිබඳව උපාධියක් තියෙන අය ගන්නවා. ඒ වගේම ගොඩක්
ආයතන මැනෙජ්මන්ට් ට්‍රේනී කියලා අරගෙන් විවිධ පැතිවලින් පුහුණු කරනවා. උදාහරණයක් විදියට production planing වගේ එවා. ඒ වගේම chemical engineering වගේ උපාධියක් තියෙනම් ඒ වගේ ඒවටත් විවිධ රැකියා අවස්ථා තියෙනවා. උදාහරණයක් විධියට process development engineer වගේ එවා ගොඩක් වටින රැකියා අවස්ථාවක්. ඒ වගේම ඔයාට රජයේ රැකියාවලටත් යන්න පුලුවන්. උසස් පෙළ රසායන විද්‍යාව උගන්වන්න ගුරු පත්වීම් ලබා ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකා තත්ව පාලන ආයතනයේ විවිධ තනතුරු සදහා අයදුම් කරන්න පුලුවන්. ඒ වගේම තව තියෙන හොදම ඔප්ෂන් එකක් තමයි රජයේ තියෙන රාජ්‍ය පරිපාලන හෝ අධ්‍යාපන පරිපාලන තනතුරු. මේකට ඕනම රජයේ උපාධියක් තියෙන අයට අයදුම් කරන්න පුලුවන් නිසා ටිකක් තරගකාරිත්වය වැඩි. නමුත් ඒක හොදම අවස්ථාවක්. ඒ වගේම රේගු නිලධාරීන් වගේ එවටත් ඇප්ලයි කර්න්න පුලුවන්.
ඔයා රසායන විද්‍යාව පැත්තෙන් වැඩිදුර ඉගෙන ගන්න අදහසක් තියේනම් අවුරුදු හතරක උපාධිය සම්පුර්ණ කරන එකක් අනිවාර්ය සාධකයක්. ඒක ඔයා කරන්නේ පුද්ගලික කැම්පස් එකකින් ද රජයේ කැම්පස් එක්කින්ද කියන එක අදාල නෑ. හැබයි පිලිගත් ආයතනයකින් අවුරුදු හතරක උපාධියක් තිබීම වැදගත්. එහෙම නම් ඔයාට විවිධ රටවලට ශිෂ්‍යත්ව වලට අයදුම් කරලා phd එක්කට හෝ Msc එකකට යන්න පුලුවන්. සල්ලි ගෙවලා යන අයත් ඉන්න්වා. එහෙම ගිහින් phd එක සම්පුර්ණ කරාට පස්සේ කැම්පස් වල ආචාර්ය වරයෙක් විදියට වැඩ කරන්න අවස්තා හදා ගන්න පුලුවන්. ඒ වගේම විවිධ පර්යේෂණ කරන scientist කෙනෙක් විදියට වැඩ කරන්නත් පුලුවන්. ඒ වගේම ලෝකයේ පිලිගත් ආයතනවල විවිධ තනතුරු සදහා යන්නත් පුලුවන්. පිලිගත් ආයතන කිවාම උදාහරණ විදියට 3M, AstraZeneca, Pfizer, Johnson&Johnson, Intel වගේ ලොවක් දන්න ආයතන.
මේ මම කිවේ අපිට කරන්න පුලුවන් රැකියා අවස්ථා කිහිපයක් පමණයි. අපි ආස පැත්ත ඒ වගේම අපිට ලැබෙන චාන්ස් එක අනුව අපි යන පැත්ත තීරණය වෙනවා. නමුත් ඔයාගේ ආසාව රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගෙන ඔයාගේ සිහිනය සැබෑ කර ගැනීමනම් මේ මම කීවේ ඔයාට සලකා බලන්න පුලුවන් අවස්තා කිහිපයක් පමණයි. තව මේ හා සම්බන්ධ රැකියා අවස්ථා බොහොමයක් තියෙනවා. ඔයාලත් දන්න ඒවා තියෙනවනම් අනිත් අයටත් දැන ගන්න කමෙන්ට් කරගෙන යන්න.