රසායන විද්‍යාවෙන් PhD එකක් කරන්න හිතාගෙන ඉන්න ඔයාට වැදගත් වන පොඩි කරුණු ටිකක් කියන්න හිතුනා.
ගොඩක් අය රසායන විද්‍යාවෙන් (Chemistry) PhD එකක් කරන්න යනකොට සමහර වෙලාවට ලැබෙන ඕන පැත්තකින් ඉගෙන ගන්න ට්‍රයි කරනවා. ඒ කියන්නේ Organic Chemistry, Inorganic Chemistry, Analytical Chemistry, Physical Chemistry, Bio Chemistry, Material Chemistry වගේ පැතිවලින්. හැබැයි අපි මේ එක එක පැතිවලින් ඉගෙන ගෙන අපි ඉස්සරහට ජොබ් එකක් කරන්න ගියාම එකිනෙකට වෙනස් පැතිවලට තමයි යන්නේ. මොකද අපි ඉගෙන ගන්න දෙවල් සහ techniques එකිනෙකට වෙනස් නිසා. ඒ වගේම ජොබ් වලට තියෙන ඉල්ලුමත් වෙනස් වෙනවා. ඒක නිසා අපි මුලින්ම තීරණය කරන්න ඕනි මොන විෂය ද ඉගෙන ගන්නේ කියලා. ඒ වගේම ඔයා තීරණය කරන්න ඕනි ඔයා යන්නේ Academic or Industrial ජොබ් එකකටද කියලා.
ඔයා industrial ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්නවනම් මට හිතෙන්නේ Analytical Chemistry වලින් PhD එක කරන එක තමයි හොද. ඒකට හේතුව තමයි Analytical Chemistry පැත්තෙන් ගොඩක් ජොබ් තියෙනවා. බොහොමයක් manufacturing company වලට Analytical chemistry කරන අය ඕන වෙනවා. ගොඩක් HPLC, LC-MS, GC-MS, ICP, wet chemistry වගේ දේවල් දන්න අය ඕබ වෙනවා. එක නිසා ඒයාලට ගොඩක් චාන්ස් තියෙනවා. දෙවෙනි එක තමයි Bio Chemistry. බයෝ කරන අයටහ් ගොඩක් චාන්ස් තියෙනවා. Bio chemistry කරන අය මම අර උඩින් කීව ටෙක්නික් ඉගෙන ගන්නවා. ඒ වගෙම assay development, cell cultures වගේ දෙවල් දන්න නිසා එයාලට ජොබ් එකක් හොයා ගන්න ලේසි. අනිත් එක තමයි Material Chemistry or Polymer Chemistry. මේවා කරන අයටත් PhD එක ඉවර උනාම ජොබ් හොයා ගන්න ලේසි. මොකද කොම්පැණි කියන්නේ chemistry වල තියෙන සිද්ධාන්ත ටෙස්ට් කරන අය නෙමෙයි. එයාලට ඕනි මොකක් හරි හොද ප්‍රඩක්ට් එකක් හදලා ඒක මාරකට් එකට දාන්න. එහෙම කරන්න පුලුවන් හොද පැත්තක් තමයි material chemistry කියන්නේ. ඒක නිසා තමයි ඒයාලටත් ගොඩක් චාන්ස් තියෙන්නේ. ඊලග එක තමයි organic chemistry. මෙයාලටත් චාන්ස් ගොඩක් තියෙනවා. ගොඩක් කොම්පැණි වල R&D එකක්අ නිවාර්යයෙන් තියෙනවා. ඉතින් එයාලට ගොඩක් දුරට ඕන වෙන්නේ Organic Chemistry දන්න කෙනෙක්. ඒ වගේම Pharmaceuticals companies වලටත් ගොඩක් ඕන වෙනවා organic chemistry කරපු අය.
ඔන්න ඔහොම තමයි ජොබ් මාර්කට් එකේ chemistry ජොබ් පැතිරිලා තියෙන්නේ. මේක එක්ක එක කාලේට වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඔවා ඔක්කෝම ගැන හිතලා ඔයා තිරණයක් ගන්න ඕනි chemistry වලින් PhD එක කරනවනම්. තව මේකට මොනවා හරි ඇඩ් වෙන්න තියේනම් පහලින් කොමෙන්ට් එකක් දා ගෙන යන්න.