Home Blog FDA අනුමැතිය ලැබුණු අලුත්ම බෙහෙත — Lenacapavir (Sunlenca / Yeztugo)

FDA අනුමැතිය ලැබුණු අලුත්ම බෙහෙත — Lenacapavir (Sunlenca / Yeztugo)

by Online Panthiya
0 comment

මේ තියෙන්නේ මෙ ලගදි FDA එකෙන් අනුමැතිය ලබා දුන්න අලුත්ම බෙහෙතක්. ඕක දෙන්නේ HIV තියෙන අයට. ඉස්සර දවස ගානෙ සතිය ගානේ දුන්න බෙහෙත් ඒක දැන් මාස හයකට සැරයක් දෙන්න පුලුවන්.

ඕකට කියන්නේ Lenacapavir නැත්නම් බ්‍රැන්ඩ් නේම් එක Sunlenca හෝ Yeztugo කියලා ( උඩින් තියෙන රූප දෙකේ තියෙන්නේ ඒ බෙහෙතයි ඒකේ රසායනික අණුක ව්‍යුහයයි). ඕක හදලා තියෙන්නේ ඇමරිකාවේ තියෙන ගිලියාර්ඩ් සයන්ස් කියන කම්පැනි එකෙන්.

ඔය මොලිකියුල් එක දිහා බැලුවම මට එක පාරටම හිතුන දෙයක් තමයි මුන් කොහොමද මේක ඩිසයින් කරෙ කියලා. දැක්කම පිස්සු හැදෙන මොලිකියුල් එකක්. එක එක ඩෙකරේෂන් දාලා තමයි හදලා තියෙන්නේ. ඒත් ඒකට අදාල පර්යේෂණ පත්‍රිකාව කියෙව්වට පස්සෙ තමයි තෙරුනේ කොහොමද මේ අවසාන මොලිකියුල් එකට එයාලා ආවේ කියලා. එයාලා මුලින්ම හදලා තියෙන්නේ ඔය පහලින් තියෙන මොලිකියුල් එක. ඊට පස්සේ මොලිකියුල් 400 ක් විතර (4000 ක් විතර කියලත් කියනවා. වෙන්න පුලුවන් හැබැයි) හදලා ඒවා ටෙස්ට් කරලා, ඔප්‍ටිමයිස් කරලා තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් කර කර ඔය අවසාන මොලිකියුල් එක තමයි හොදට ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ. අවුරුදු 10 ක් තිස්සේ කරපු පර්යේෂණ වල ප්‍රතිඵලයක් තමයි ඕක. පටන් ගන්නකොට හිනෙන්වත් හිතන්නේ නැතිව ඇති මෙච්චර කාලයක් යාවි කියලා. ඒත් ඔහොම තමයි රිසර්ච් වල තත්වේ. ඒත් ඒ වැය කරපු කාලේ අපතේ ගිහින් නෑ. කොහෙන් කොහොම හරි බෙහෙත් එක දැන් වැඩ කරනවා. හදන්න අමාරු නිසා ඕක ටිකක් ගනන් වැඩි. ඒත් අඩු ගානකට දෙන්න දැන් පොරොන්දු වෙලා තියෙනවා.

ඕක හදන එක බැලුවම ටිකක් අමාරු සින්තසිස් මේතඩ් ටිකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි හරි ලස්සන ඕගනික් කෙමිස්ට්‍රි වල මෙතර්ඩ්. ඒ වගේම තව එක එක විදියේ අභියෝග වලට මුහුන දිලා තියෙනවා. ඒ හැම දේකම අවසාන ප්‍රතිඵලය තමයි අද ඔයා තියෙන සුපිරි බෙහෙත. මුල් පර්යේෂණ පත්‍රිකාව කියවලා බලන්න කැමති අය.

ඇත්තටම මේ වගේ දෙවල් දැක්කම තෙරෙනවා විද්‍යාතමක පර්යේෂණ කරන එක කොච්චර වටිනවද කියලා. මිනිස් ජිවිත ලක්ෂ ගනනක් බේරා ගන්න මේ වගේ අලුත් දේවල් වලට පුලුවන් වෙලා තියෙනවා. ඒකයි සයන්ස් වල තියෙන ලස්සන සහ වටිනාකම.

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya