Home Blog Eribulin mesylate (Halaven)-Medicine for breast cancer

Eribulin mesylate (Halaven)-Medicine for breast cancer

by Online Panthiya
0 comment

මොකද හිතෙන්නේ මේ මොලිකියුල් එක දැක්කම?
ඔය දකුණු පැත්තේ තියෙන එක. ලස්සනයි නේද? ඒත් හරිම සංකීර්ණ අණුවක්! දැක්කම පෙනෙනව නේද කොච්චර අමාරුද කියලා මේක හදන්න?
ඒක ඇත්තටම දැනට වෙලදපොලේ තියෙන බෙහෙතක්. Eribulin mesylate (වෙළඳ නාමය Halaven) කියලා හඳුන්වන්නේ. මේ බෙහෙත භාවිතා කරනවා breast cancer වලට ප්‍රතිකාර කරන්න. යටින් තියෙන්නේ ඒ බෙහෙතේ පොටෝ එකක්.

මේ බේහෙත හොයා ගත්ත විදිය හරිම සුන්දරයි. ලස්සන කතාවක් තියෙනවා. ඉස්සර විද්‍යාඥයෝ ස්වභාවික ශාක තුලින් අලුත් රසායනික සංයෝග වෙන් කරගෙන විවිධ බෙහෙත් වර්ග හඳුනා ගන්න උත්සාහ කරා. ඔය අපි කෑමට දාන කහ වගේ දේවල්වල පිළිකා නාශක ගුණ තියෙනවා කියලා අහලා තියෙනවා නේද? ඒ ඒවගේ තියෙන රසායනික සංයෝග නිසා. මේ රසායනික සංයෝග, විවිධ ක්‍රම මගින් වෙන් කරලා ගන්න පුලුවන්. ඒ වගේම මුහුදු ශාකවලත් (marine sponges) තියෙන විවිධ රසායනික සංයෝග වෙන් කරලා අරගෙන අලුත් බෙහෙත් හොයා ගන්න පුළුවන්.

ඔය අදහස තියාගෙන 1986 දී, ජපන් විද්‍යාඥයන් දෙන්නෙක් (Hirata සහ Uemura) මුහුදු ශාකයකින් Halichondrin B කියන අණුක සංයෝගයක් වෙන් කරලා ගන්නවා. ඔය වම් පැත්තේ තියෙන්නේ ඒ මුල් සංයෝගය. ඒ වගේම ඒක පිළිකා සෛල නසන්න පුලුවන් හැකියාවක් තියෙනවා කියලා එයාලා හොයා ගන්නවා. හැබැයි අමාරුම දේ තමයි මුහුදු ශාක කිලෝ ග්‍රෑම් ප්‍රාමාණවලින් වලින් පටන් අරගෙන අවසානෙට ඒ සංයෝගය ලැබෙන්නේ ඉතා කුඩා මිලිග්‍රැම් ප්‍රමාණයක්. ඒක නිසා අවශ්‍ය පර්යේෂණ ටික කර ගන්න ඔය කියන සංයෝගය අවශ්‍ය ප්‍රමාණයක් ලබා ගන්න අමාරුයි.

ඒ නිසා Harvard විශ්ව විද්‍යාලයේ Yoshito Kishi කියන මාහාචාරයවරයා ඒ සංයෝගය man-made විදිහට විද්‍යාගාරය තුල හදන්න පටන් ගන්නවා.
ඔයාට හිතන්න පුළුවන්ද කොච්චර පියවර ගානක් යන්න ඇතිද මේක හදන්න? 100කට අධික පියවර ගානක් යනවා මේක synthesis කරන්න!  අවුරුදු 4ක් විතර ගියා, හැබැයි අවසානෙට ඔහුට හැකි වුණා Halichondrin B කියන ඔය සංයෝගය සාර්ථකව විද්‍යාගාරය තුල හදන්න. එයාලා සංයෝගය පිළිකා සෛලවලට පරීක්ෂා කළා, සහ දැක්කා ඒක ඉතා බලවත් පිළිකා නාශක හැකියාවක් තියෙන බව. මෙයාලා මේ මුලික පරීක්ෂණ ටික කරන්නේ Eisai කියන ජපන් ඖෂධ නිෂ්පාදන සමාගමත් එක්ක එකතු වෙලා. එහෙම පර්යේෂණ කරගෙන යනකොට එයාලා හොයා ගන්නවා Halichondrin B අණුවේ ඔය මම නිල් පාටින් ලකුණු කරලා තියෙන කොටස තමයි පිළිකා සෛලවල විනාශ කරන්න වඩාත්ම බලපෑමක් දක්වන කොටස කියලා. ඒ නිසා ඔය කොටස විතරක් තියෙන නව සංයෝගය කිහිපයක් විද්‍යාගාරය තුල හදන්න පටන් ගන්නවා. මෙහෙම අර මුල් සංයෝගයට වඩා සරල සංයෝග හදලා එවා පිළිකා වලට ටෙස්ට් කරා. එහෙම කරලා එයාලා හොයා ගන්නවා ඔය දකුණු පැත්තේ තියෙන සංයෝගය ඉතා හොදින් පිළිකා සෛලවලට වලට එරෙහිව ක්‍රියා කරනවා කියලා. මෙම නව සංයෝගය Eribulin mesylate නැත්නම් Halaven කියලා හදුන්වනවා. මේක ඉතින් අර මුල් Halichondrin B වලට වඩා සරලයි නමුත් මුල් එකට වඩා වැඩි ක්‍රියාශීලි ගතියක් තියෙනවා.

මෙම බෙහෙත ක්‍රියාකරන්නේ microtubule dynamics අස්ථිර කරලා. ඒ කියන්නේ සෛල බෙදීම අත්හිටුවලා, පිළිකා සෛල මැරෙන්න හේතු වෙන විදිහට. 2010 දී, මේ සියලුම පරීක්ෂණ සම්පූර්ණ කරලා, FDA විසින් Eribulin mesylate (Halaven) එකට සම්පූර්ණ අනුමැතිය දෙනවා breast cancer වලට භාවිතා කරන්න පුලුවන් බෙහෙතක් විදියට. කොහෙන් කොහොම උනත්, මේ බෙහෙත හදන්න අවුරුදු 24ක් ගියත් අවසානෙට ලෝකයට ලැබුණේ ජීවිත ගණනාවක් රැකගන්න පුළුවන් ලස්සන බෙහෙතක්.

මේ කතාවෙන් අපට ලබා ගන්න පුලුවන් ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි, කොච්චර කාලයක් ගියත්, කොච්චර අමාරු වුණත්, අපි හිතන “Impossible” ටාස්ක් එකක් විද්‍යාත්මක මනසකින් “Possible” කරගන්න පුළුවන්.
Halichondrin B → Eribulin mesylate කියන මේ ගමන ඒකට හොදම උදාහරණයක්

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya