Home O/L Exam 2022 O/L Science MCQ Paper – Practice Online

2022 O/L Science MCQ Paper – Practice Online

by Online Panthiya
0 comment

MCQ Paper to our blog so you can practice online with a monitoring time. This helps you experience a real exam-like environment and improve your time management.

Practicing with past papers is one of the best ways to prepare for exams. It helps you:

  • Understand the question pattern
  • Improve your speed and accuracy
  • Identify areas you need to focus on

Don’t forget — more O/L Science MCQ past papers will be added in future blog posts, so stay tuned!

Start practicing now and get one step closer to exam success!

1. 
මිනිසාගේ නයිට්රජනීය බහිස්ස්‍රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රියය කුමක්ද?

2. 
පීඩනයේ ඒකකය,

3. 
හයිඩ්රජන් හා ඔක්සිජන් පරමාණු 2:1 අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය කුමක්ද?

4. 
පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න.

5. 
පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ, ස්ථිර පටකයක් වන්නේ කුමක්ද?

6. 
ලෝහ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව කුමක්ද?

7. 
7 හා 8 ප්‍රශ්න පහත රසායනික සමීකරණය මත පදනම් වේ.


ඉහත රසායනික සමීකරණයේ M ලෙස දක්වා ඇති ලෝහය විය හැක්කේ,

8. 
ඉහත රසායනික සමීකරණය අයත් වන ප්‍රතික්‍රියා වර්ගය කුමක්ද?

9. 
විෂමපෝෂීන් පමණක් අයත් වන රාජධානි වන්නේ,

10. 
පහත ව්‍යුහ අතුරෙන් පොලිතීන්වල පුනරාවර්තන ඒකකය තෝරන්න.

11. 
පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මින් කුමක්ද?

12. 
පුෂ්පයක සංසේවන ක්‍රියාවලියෙන් පසුව සිදු වන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද ?

13. 
සිනිඳු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කුමක්ද?

14. 
යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - තරංගයේ සංඛ්‍යාතය එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වෙනස් වේ.

B - තරංගයේ වේගය එහි සංඛ්‍යාතය මත රඳා නොපවතී.

C - තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍යය මත රඳා පවතී.

එම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ.

15. 
එක්තරා මුල ද්‍රව්‍යයක් පිළිබඳව තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

  • පෘථිවි කබොලේ ඇති මූල ද්‍රව්‍ය අතරින් සුලබතාවෙන් දෙවන තැන ගනියි.
  • අර්ධ සන්නායක ගුණ පෙන්වයි.
  • ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණ ද පෙන්වයි.

මෙම මූල ද්‍රව්‍ය වනුයේ

16. 
ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර පද්ධතියක ඒකක ක්‍ෂේත්‍ර ඵලයක සිටින සත්ත්වයන්ගේ සංඛ්‍යාව ගණන් ගන්නා ලදී. එම සංඛ්‍යා පහත දැක්වේ.


අදාළ ක්‍ෂේත්‍ර ඵලය තුළ සිටි ඇනෙලිඩා වංශයට අයත් සත්ත්වයින්ගේ සංඛ්‍යාව කොපමණද?

17. 
පහත සංයෝග අතරින් ස්කන්ධය අනුව ඔක්සිජන් ප්‍රතිශතය 50% ක් වන සංයෝගය කුමක්ද?

(H = 1, C = 12, N = 14, O = 16, Mg = 24, Ca = 40)

18. 
දොරක් අරින සහ වසන අවස්ථා වලදී දොරට සවි කර ඇති හැඩලය භාවිත කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද?

19. 
පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිපදවෙන්නේ.

20. 
පහත දැක්වෙන සියලුම අණු සම්බන්ධයෙන් සත්‍ය වන ප්‍රකාශය කුමක්ද?

CO2, NH3, H2O

21. 
තාප සංක්‍රාමණය සම්බන්ධව දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - මුහුදු සුළං ගොඩ සුළං ඇති වන්නේ සන්නයනය හේතු කොට ගෙනය.

B - සූර්යයාගේ සිට පොළොවට තාපය ලැබෙන්නේ විකිරණය මගිනි.

C - උණුසුම් තේ කෝප්පයකට ලෝහ හැන්දක් දැමු විට හැන්ද රත් වන්නේ සංවහනය මඟිනි.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,

22. 
ඇඩ්‍රිනලින් හෝමෝනයේ කාර්යයක් වන්නේ,

23. 
ඔක්සිජන් 64 g ක අඩංගු O2, මවුල ප්‍රමාණය කොපමණ ද? (O = 16)

24. 
පරිණාමකයක ප්‍රාථමික දඟරයට සැපයෙන වෝල්ටීයතාව 120 V වන අතර ද්විතීයියෙන් ලැබෙන වෝල්ටීයතාව 12 V වේ. ප්‍රාථමික දඟරය තුළින් ගලා යන ධාරාව 2 A නම් ද්විතීයක දඟරය තුළින් ගලා යන ධාරාව කොපමණ ද?

25. 
නිර්වායු ශ්වසනය සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සත්ත්ව සෛල තුළ සිදු වන නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් අම්ලය නිපද වේ.

B - ස්වායු ශ්වසනයට වඩා නිර්වායු ශ්වසනයේදී නිපදවෙන ශක්ති ප්‍රමාණය වැඩිය.

C-නිර්වායු ශ්වසනයේදී නිපදවෙන ගන්සියෙන් කොටසක් ATP ලෙස ගබඩා වේ.

ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ

26. 
එක්තරා වස්තුවක චලිතයේ ප්‍රවේග-කාල ප්‍රස්තාරය මෙහි දැක්වේ. ආරම්භයේ සිට 20 s දක්වා එහි වස්තුවේ විස්ථාපනය කොපමණ ද?

27. 
පහත ප්‍රකාශ සලකන්න

A - රසායනික කර්මාන්තවලදී කෙටි කාලයක් තුළ ඉහළ පලදාවක් ලබා ගැනීමට උත්ප්‍රේරක භාවිතා කෙරේ.

B - උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන්ම අඩු කිරීම ද සිදු කරයි.

ඉහත,

28. 
නිව්ටන්ගේ තුන්වන නියමය සමඟ වඩාත්ම එකඟ වනුයේ පහත සඳහන් කුමක සංසිද්ධිය ද?

29. 
පහත 29 සහ 30 පුශ්න මෙහි දී ඇති රූපසටහන මත පදනම් වේ.


මෙම ඇටවුමෙන් පරික්ෂා කිරීමට අපේක්ෂා කරන්නේ ප්‍රභාසංශ්ලේෂණය සඳහා කුමන සාධකයක අවශයතාව ද?

30. 
ඉහත රූපසටහනේ X ලෙස නම් කරන ලද ද්‍රව්‍යය කුමක් ද?

31. 
0.1 mol dm-3 ග්ලූකෝස් ද්‍රාවණයකින් 1 dm3 ක් සාදා ගැනීමට අවශ්‍ය වන C6 H12O6 ස්කන්ධය කොපමණ ද?

(H = 1, C = 12, O = 16)

32. 
රූපයේ දැක්වෙන්නේ තලයක් මත තබා ඇති වස්තුවක් මත P නම් තිරස් බලයක් යෙදෙන ආකාරයයි. P හි අගය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කිරීමේ දී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය (F),

33. 
යකඩ විඛාදනය පිළිබඳව හැදෑරීම සඳහා සංශුද්ධ යකඩ ඇණ හතරක් යොදා ගෙන ශිෂ්‍යයකු විසින් විද්‍යාගාරයේදී සකස් කරන ලද A, B, C හා D ඇටවුම් පහත දැක්වේ.

34. 
රූපයේ දක්වා ඇති පරිපථයේ X හා Y අතරට සන්නායක කම්බියක් සම්බන්ධ කිරීමෙන් එහි ඇති බල්බය දැල්විය හැකිය. එකම වර්ගයේ ලෝහයකින් තනා ඇති කම්බි තුනක් පහත දැක්වෙන පරිදි අවස්ථා තුනකදී X හා Y අතරට සම්බන්ධ කර බල්බයේ දීප්තිය මනින ලදි.


A - සිහින් දිග කම්බියක් සම්බන්ධ කිරීම

B - මහත කෙටි කම්බියක් සම්බන්ධ කිරීම

C - සිහින් කෙටි කම්බියක් සම්බන්ධ කිරීම

ඒ අනුව බල්බයේ දීප්තිය වැඩි වන අනුපිළිවෙළ කුමක්ද?

35. 
ජල වායු පීඩනමානයක ජල කඳෙහි සිරස් උස 10 m වේ. එම අවස්ථාවේදී වායුගෝලීය පීඩනය කොපමණ ද? (

(ජලයේ ඝනත්වය = 1000 kgm-3 , ගුරුත්වජ ත්වරණය = 10 ms-2)

36. 
ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක්වෙමින් H+ අයන මුදාහරින රසායනික සංයෝගය කුමක්ද?

37. 
භෞමික පරිසර පද්ධතියක දැකිය හැකි ආහාර ජාලයක් රූපයේ දැක්වේ. මේ ආහාර ජාලය පදනම් කරගෙන එළඹිය හැකි වඩාත්ම නිවැරදි නිගමනය කුමක්ද?

38. 
පහත සඳහන් ඒවායින් සම්පත්වල තිරසාර භාවිතයට සහ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතයට අදාළ ක්‍රියාමාර්ග අනු පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක්ද?

39. 
ඕසෝන් ස්තරය හායනය, අම්ල වැසි ඇති වීම හා සුපෝෂණය යන පාරිසරික අර්බුද කෙරෙහි බලපාන රසායනික ප්‍රභේද පිළිවෙළින් දක්වා ඇත්තේ කුමන වරණයේද?

40. 
ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති යුගලය තෝරන්න.

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya