Home A/L ExamChemistry 2003 A/L Chemistry Part I Sinhala- Practice Online

2003 A/L Chemistry Part I Sinhala- Practice Online

by Online Panthiya
0 comment

2003 A/L Chemistry MSQ Paper, now available for online practice! You can access the quiz-style format to practice MCQs and receive real-time answers. These convenient quizzes are designed to help you prepare effectively for your exam, making it easier than ever to test your knowledge and improve your understanding of Chemistry. Start practicing today and boost your exam readiness!

1. 
. . . ns2 np4 යන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඇති මූලද්‍රව්‍යයක සංයුජතා විය හැක්කේ,

2. 
ICl2- අයනයේ හැඩයට සමාන හැඩයක් ඇති අණුව වනුයේ,

3. 
X n වායුව


යන සමිකරණය අනුව විඝටනය වේ.
නියත උෂ්ණත්වය හා පරිමාවක දී , වායුවෙන් 10% ක් විඝටනය වූ විට, පීඩනය  20 % කින් වැඩි වේ. පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කළ විට,   n හි අගය,

4. 
O3 අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුවිස් ව්‍යුහය වනුයේ,

5. 
Z මූලද්‍රව්‍යයෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ... ns2 np3 වේ. Z සමග වඩාත් ම සහසංයුජ බන්ධනය සාදන මූලද්‍රව්‍යයෙහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වනුයේ,

6. 
පහත සඳහන් d- ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය තිබීමට හැකි මුලද්‍රව්‍ය වනුයේ කුමක්ද?

7. 
ඝනත්වය 1.10 g cm-3 හා ස්කන්ධය අනුව 20% HNO3 සහිත තනුක HNO3 ද්‍රාවණ කුමන පරිමාවක (cm³), HNO3 10 g අඩංගු වේද?

8. 
3d අන්තරික මූලද්‍රව්‍ය සම්බන්ධ ව සැබෑ නොවනුයේ පහත සඳහන් කුමන ප්‍රකාශයද ?

9. 
පහත සඳහන් ඒවායින් හයිඩ්‍රජන්වල පරමාණුක වර්ණාවලිය පිළිබඳව සත්‍ය නොවන ප්‍රකාශ මොකක්ද?

(a) n = 4 සිට n = 2 සංක්‍රමණය රේඛාවට  H beta අනුරූපී වේ.

(b) n = alpha  සිට n = 1 මට්ටම් අතර ශක්ති වෙනස හයිඩ්‍රජන්වල අයනිකරණ ශක්තිය වේ.

(c) වර්ණාවලියේ එක් එක් රේඛාව H - පරමාණු මේ ශක්ති මට්ටමට අනුරූප වේ.

(d) n = 2 සිට n = 1 මට්ටම් අතර ශක්තිය වෙනස, n = 3 සහ n = 2 මට්ටම් අතර ශක්ති වෙනසට  වඩා කුඩාය.

10. 
ආවර්තිතා වගුවේ හතරවන ආවර්තයේ පරමාණුවල ශක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී අනුපිළිවෙල වන්නේ

11. 
ස්ඵටිකරූපි සෝඩියම් කාබනේට් සූත්‍රය Na2CO3.10H2O වේ. 4.0 moldm-3 ද්‍රාවණ ලීටර් 2.5 පිළියෙල කිරීම සඳහා අවශ්‍ය නිර්ජලීය සෝඩියම් කාබනේට් ස්කන්ධය කොපමණද,? ( H = 1; C =12; O = 16; Na = 23 )

12. 
ශිෂ්‍යයෙක් Y ද්‍රාවණයකින් 25.00 cm3 ක් , X ද්‍රාවණය සමඟ අනුමාපනය කිරීමට අදහස් කරයි. මෙම අනුමාපමනයට සූදානම් වීමේදී පහත සඳහන් කුමන සේදීමේ ක්‍රියාවලිය වඩාත් යෝග්‍ය වේද?

13. 
දර්ශකය ලෙස පිනොප්තලීන් භාවිත කරමින්, Na2CO3 ද්‍රාවණයකින් 25.00 cm3 ක්, HC1 ද්‍රාවණයක් (බියුරෙට්ටුවෙහි) සමග අනුපාමනය කළ විට අන්ත ලක්ෂය 25.00 cm3 ක් විය. එම දර්ශකය භාවිත කරමින් HCl ද්‍රාවණයෙන්ම, 25.00cm3 ක් එම Na2CO3 ද්‍රාවණයම(බියුරෙට්ටුවෙහි) සමග අනුමාපමනය කළ විට අන්ත ලක්ෂ්‍ය කුමක් වේද ?

14. 
ජලය සාම්පලයක් ලෝහයක අයන වලින් අපවිත්‍ර වී ඇත. ජල සාම්පලයට NaOH ද්‍රාවණයක් එකතු කළ විට, ළා කොළ පාට ජෙලිටීනය අවක්ෂේපයක් ලැබේ. මෙම ආවක්ෂේපයට ඇමෝනියා එකතු වන විට තද නිල් ද්‍රාවණයක් දෙයි. ආම්ලිකෘත ජල සම්පලය තුළට H2S යැවු විට, කිසිම ආවක්ෂේපයක් නොලැබේ. ජල සාම්පලයේ අඩංගු ලෝහ අයනය වනුයේ,

15. 
සාන්ද්‍රණ H2SO4 මෙන්ම නිර්ජලීය CaCl2 භාවිත කරමින් වියළිය හැක්කේ පහත සඳහන් කුමන වායූ යුගලයද?

16. 
එක් එක් ද්‍රාවණයෙන් 25.0 cm3 මිශ්‍ර කළ විට විශාලතම තාප ප්‍රමාණය මුක්ත වන්නේ පහත සඳහන් කුමන ද්‍රාවණ යුගලයෙන්ද?

17. 
හැලජන අම්ල පිළිබඳව සත්‍ය වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රකාශ ද?

      (a) උපරිම තාපාංකය ඇත්තේ HF වලට ය.

      (b) ජලීය ද්‍රාවණයේදී ප්‍රබලම අම්ලය HF වේ.

      (C) අවම තාපාංකය ඇත්තේ HCl වලට ය

      (d) HCl , HBr  සහ HI  ද්‍රාවණවලට F2 යැවූ විට ඒවා HF ද්‍රාවණ බවට පත්වේ.

18. 
A, B, C හා D එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය හතරක පරමාණුවල විද්‍යුත් ඝෘණතා පහත දැක්වෙන පරිදි වේ.

  A = 3.8 , B = 3.3 , C = 2.8, D = 1.3 
මෙම මූලද්‍රව්‍ය  AB, AD, BD හා AC යන අණු සාදයි නම්, මෙම අණුව සහසංයුජ ලක්ෂණ වැඩිවන අනුපිළිවෙල වන්නේ,

19. 
උච්ච වායුවක් වන සෙනොන්, XeF4 නම් සහසංයුජ සංයෝගය සාදයි. XeF4 සඳහා වඩාත්ම තිබිය හැකි ජ්‍යාමිතිය

20. 
H2S, H2Se සහ HBr හි ආම්ලික ප්‍රබලතා අනුපිළිවෙල පිළිබඳ සත්‍ය වන්නේ කුමක්ද?

21. 
නියෝන් වායූ සාම්පලයක් 30°C දී දෘඩ බඳුනක තබන ලදී. බඳුන තුළ පීඩනය තෙගුණයක් වන තෙක් බඳුන රත් කරන ලදී. එවිට නියෝන් වායුවේ උෂ්ණත්වය කුමක් ද?

22. 
තාත්වික වායුවක හැසිරීම පරිපුර් ණ වායුවක හැසිරීමට වඩාත්ම ආසන්න වනුයේ පහත සඳහන් කුමන තත්ත්ව යටතේද?

23. 
80 °C දී ජලයෙහි අයනික ගුණිතය, Kw, 1.0 x 10-12 mol2dm-6 වේ. මෙම තත්ත්ව යටතෙහි, 10-9 mol2dm-3 NaOH ද්‍රාවණයක pH අගය වනුයේ,

24. 
සෙනොන් වනාහි වාතයෙහි ඉතා අල්ප වශයෙන් පවතින නිෂ්ක්‍රීය වායුවකි. වාතයේ ඇති සෙනොන් ප්‍රමාණය පරිමාව අනුව මිලියනයකට කොටස් 0.076 (0.076 ppm) වේ. දෙන ලද වාතය 1000 km3 සාම්පලයකින් ලබා ගත හැකි එම උෂ්ණත්වයේ හා පීඩනයේ පවතින සෙනොන් පරිමාව dm3 වලින් කුමක්ද?

25. 
පහත ප්‍රතික්‍රියාව සඳහා එන්තැල්පි වෙනස ∆H, 431 kJ mol-1 වේ. මෙම එන්තැල්පි වෙනස, HCl(g) හි

26. 
පරිපූර්ණ වායු හැසිරිම උපකල්පනය කරමින්, එකම උෂ්ණත්වය හා පීඩනයේදී පහත සඳහන් කුමන වායුමය ද්‍රව්‍යයේ ඒකක ස්කන්ධයක පරිමාව විශාලතම අගය ගන්නේ ද? (H = 1; C = 12; O = 16; F = 19; C = 12; S = 32 )

27. 
H2B වනාහි  ජලීය ද්‍රාවණයක , H+(aq) හා HB-(aq) වලට සම්පූර්ණයෙන්ම විඝටන වන ප්‍රබල අම්ලයකි. HB-(aq) ජලයෙහි ආංශික ලෙස  විඝටනය වේ. H2B, 0.5 mol ආස්‍රත ජලයෙහි ද්‍රාවණය කර 500.0 cm3 ජලීය ද්‍රාවණයක් ලබා ගත් විට එහි  H+(aq) ප්‍රමාණය 0.95 mol වේ. මෙම ද්‍රාවණයේ  HB- (aq) හි සාන්ද්‍රණය mol dm-3 ඒකක වලින්  ලබා ගත් විට  H+(aq) ප්‍රමාණය 0.95 mol වේ. මෙම ද්‍රාවණයේ HB-(aq) හි සාන්ද්‍රණය 0.3 mol dm-3 ඒකක වලින්,

28. 
සින්ක් නයිට්රේට් මවුල 0.6 හා අයන් (III) සල්පේට් 0.6ක් ජලයේ ද්‍රාවණය කර මුළු පරිමාව 2 dm3 වන ද්‍රාවණයක් සාදන ලදී. පහත සඳහන් සාන්ද්‍රණය 0.3 mol dm-3වේද?

29. 
C6H12C2 සංයෝගයෙහි කාබන්වල හා ක්ලෝරින්වල ස්කන්ධ ප්‍රතිශත අතර අනුපාතය කුමක්ද ? (C = 12; H = 1; Cl = 35.5)

30. 
මෙම සංයෝගයේ IUPAC නාමය වන්නේ,

31. 
ඇල්හයිඩ කීටෝන වලින් වෙන්කර හඳුනා ගැනීමට, ඇමෝනියා සිල්වර් නයිට්රේට් භාවිත කළ හැක්කේ,

32. 
HBr සමග ප්‍රතික්‍රියා කර 2-bromo-2,4 -dimethylhexane බහුතර ඵලය ලෙස ලබා දෙන්නේ මින් කුමන සංයෝගයද?

33. 
පහත සඳහන් එක් කාණ්ඩයකක ඇති සංයෝග සියල්ල කාමර උෂ්ණත්වයක දී ජලය සියල්ල සීග්‍රයෙන් ප්‍රතික්‍රියා කරයි. මෙම කාණ්ඩය කුමක්ද?

34. 
පහත දී ඇති ප්‍රතික්‍රියා පටිපාටිය සලකන්න.

   
B සංයෝගය කුමක් වේද?

35. 
පහත සඳහන් පරිවර්තනය සලකන්න


බෙන්සීන්, මෙටා-බ්‍රෝමෝ එතිල්  බෙන්සීන් බවට පරිවර්තනය කිරීමට කුමන ප්‍රතික්‍රියක  (දී ඇති අනුපිළිවෙළට) වඩාත් සුදුසු වේද?

36. 
පහත සංයෝගය 0 – 5  0C දී  නයිට්‍රස් අම්ලය  සමග ප්‍රතික්‍රියා කර ලැබෙන ද්‍රාවණය ජලීය NaOH වල දියකරන ලද පිනොල් ද්‍රාවණයකට 0 – 5  0C   දී එකතු කරන ලදී. ලැබෙන ඵලයට ඇති ව්‍යුහය කුමක් ද?


 

37. 
පහත දී ඇති සංයෝග සලකන්න.


මෙම සංයෝගවල භාෂ්මිකතාවයේ  නිවැරදි අනුපිළිවෙල වනුයේ,

38. 
අංක 38 සිට 49 දක්වා ප්‍රශ්නවලට උපදෙස්

අංක 38 සිට 49 තෙක් වූ එක් එක් ප්‍රශ්නයේ දක්වා ඇති (a), (b), (c) සහ (d)  යන ප්‍රතිචාර හතර අතරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදිය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේදැයි තෝරාගන්න.
(a) සහ (b)  පමණක් නිවැරදිනම් (1) මත ද
(b) සහ (c) පමණක් නිවැරදිනම් (2) මත ද
(c) සහ (d) පමණක් නිවැරදිනම්  (3) මත ද
(d) සහ (a) පමණක් නිවැරදිනම් (4) මත ද
වෙනත් ප්‍රතිචාර සංඛ්‍යායාවක්හෝ සංයෝජනයක් නිවැරදිනම් (5) මතද උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස් පරිදි ලකුණු කරන්න.

Propanone හා propan-2-ol එකිනෙකින් වෙන්කර හදුනාගත හැක්කේ,
(a) ආම්ලික ඩයික්‍රෝමේට් සමග රත් කිරිමෙනි.
(b) ZnCl2/HCI සමග පිළියම් කිරීමෙනි.
(c) ෆේලිං පරික්ෂාව භාවිත කිරීමෙනි.                
(d) Na සමග පිරියම් කිරීමෙනි.

39. 
Cl2, මෙතේන් සමග සිදුකරන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය පිළිබද ඔබේ දැනුම භාවිතයෙන්, පහත සඳහන් කුමන වගන්ති (ය) සත්‍ය වේ දැයි තෝරන්න.

(a)  ආලෝකය නැතිවිට කාමර උෂ්ණත්වයේදී Cl2 ඒතේන් සමග ප්‍රතික්‍රියා කරයි.
(b) Cl2 හා එතේන් අතර ප්‍රතික්‍රියාවන් බියුටෙන් ස්වල්ප ප්‍රමාණයක් සෑදේ.
(c) Cl2 හා එතේන් අතර ප්‍රතික්‍රියාවන්  HCl සෑදේ.
(d) Cl2 හා ඒතේන් අතර ප්‍රතික්‍රියාවෙන් ප්‍රෝපෙන්  සෑදේ.

40. 
චාලක අණුක වාදය අනුව, පරිපූර්ණ වායුවක දෙන ලද පරිමාවක පීඩනය, උෂ්ණත්වය සමඟ වැඩිවන්නේ පහත සඳහන් කුමන හේතු (ව) නිසාද?

(a) ඉහල  උෂ්ණත්වයන්හි ද අන්තර් අණුක බල නොසලකා සිටිය හැකිය.
(b) ඉහළ උෂ්ණත්වයන්හිදි අණුවල චාලක ශක්තිය අන්තර් අණුක ආකර්ශන බිඳීමට තරම්  විශාල වේ.
(C) ඉහළ උෂ්ණත්වයන්හි දී සංඝටන සිදුවන විට ශක්තියේ හානිය වඩා විශාල වේ.
(d) දෙන ලද කාලය තුළ දී උෂ්ණත්වය වැඩි වීමත් සමග වායුව අඩංගු  භාජනය  සහ අණු අතර සිදුවන සංඝටන සංඛ්‍යාව  වැඩිය.

41. 
Zn, Co සහ Ni යන මූලද්‍රව්‍ය තුනට ම යෙදිය හැක්කේ පහත සඳහන් කුමන ප්‍රකාශ ද?

(a) ඒවා සියල්ලම අන්තරික ලෝහ වේ.
(b) ඒවායෙහි අයන ජලීය ඇමෝනියා සමඟ සංකීර්ණ සාදයි.
(c) ඒවායෙහි ඔක්සයිඩ ඉතා වර්ණවත් වේ.
(d) ජලීය ද්‍රාවණවල වඩාත් ම ස්ථායීඅයනය ද්වි ධන අයනය වේ.

42. 
ජලිය KI හි I2 ද්‍රාවණයක්, අවර්ණ කරන්නේ පහත සඳහන් කුමන ද්‍රාවණ(ය) ද?

(a) Na2S2O3    (b) NaOH      (c) පිෂ්ටය      (d) H2O2

43. 
පහත සඳහන් කුමන ක්‍රියාවලි(ය) තාපාවශෝෂක වේ ද?

44. 
118^50Sn (ස්කන්ධ ක්‍රමාංකය = 118 සහ පරමාණුක ක්‍රමාංකය = 50) පරමාණුවක් පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශ(ය) සත්‍ය ද ?

(a) එහි ඉලෙක්ට්‍රෝන 50 ක් ඇත.      
(b) එහි ප්‍රෝටෝන  50 ක් ඇත.
(c) එහි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාවෙහි එකතුව 118 කි.
(d) එහි නියුට්‍රෝන 68 ක් ඇත.

45. 
පහත ප්‍රතික්‍රියාව NO (g) ට සාපේක්ෂව දෙවන පෙළ වන අතර, H2(g) ට සාපේක්ෂව පළමු පෙළ වේ. එක්තරා ප්‍රතික්‍රියා තත්ත්ව යටතේ NO (g) හි 1mol හා H2 (g) හි 1 mol ප්‍රතික්‍රියා කිරීමට සැලස්සු විට ආරම්භයේදී  N2(g) උත්පාදන වේගය 0.02 mols -1 වේ. මෙම තත්ත්වය යටතෙහි,

(a) H2 (g)  ප්‍රතික්‍රියාවන ශීඝ්‍රතාවය 0.02 mol s -1 වේ.
(b) NO (g) ප්‍රතික්‍රියාවන සීඝ්‍රතාවය 0.04 mol s -1  වේ.
(c) H 2 (g) ප්‍රතික්‍රියාවන සීඝ්‍රතාවය 0.04 mol s -1   වේ.
(d) NO (g) ප්‍රතික්‍රියාවන සීග්‍රතාවය 0.02 mol s -1  වේ.

46. 
පහත සඳහන් සංයෝග අතරෙන් කුමන ඒවා එකිනෙකෙහි සමාවයවිකයන් වන්නේ ද?

47. 
ජලීය HCl හා ජලිය NaOH දෙකම සමග වෙන් වෙන් වශයෙන් ප්‍රතික්‍රියා කර, එක් ඵලයක් වශයෙන්, H2 ලබා දෙන්නේ මින් කුමන මූලද්‍රව්‍යයද?

(a) Fe            (b) Al          (C) Na          (d) Cu

48. 
ස්ථායි රසායනික බන්ධනයක උත්පාදනය පිළිබඳ ව සත්‍ය වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශ(ය) ද?

 (a) එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති කාක්ෂිකයක්, එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති තවත් කාක්ෂිකයක් සමග  අතිච්ජාදනය විම මගිනි.
 (b) ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති කාක්ෂිකයක්, ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති තවත් කාක්ෂිකයක් සමඟ අතිච්ජාදනය විම මගිනි.
(C) ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති කාක්ෂියක්, කිසිම ඉලෙක්ට්‍රෝනයක් නොමැති තවත් කාක්ෂියක් සමග අතිච්ජාදනය වීම මගිනි.
(d) කාක්ෂික අතර පාර්ශ්වික අතිචිජාදනය මගින් π බන්ධන ඇති වේ.

49. 
ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ වමේ සිට දකුණු දිශාවට ගමන් කරන විට, මූලද්‍රව්‍යවල ගුණවල රටාවන් පිළිබඳ ව සත්‍ය වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශ (ය) ද?

(a) ඔක්සයිඩ වල ආම්ලිකතාව  වැඩි වේ. 
(b) ඔක්සිකරණ හැකියාව අඩුවේ.
(C) විද්‍යුත් ඝෘණතාව අඩුවේ.
(d) අයනික සංයෝග සෑදිමට ඇති ප්‍රවණතාව අඩුවේ.

50. 
අංක 50 සිට 57තෙක් ප්‍රශ්නවලට උපදෙස්

අංක 50 සිට 57 තෙක් වූ එක් එක් ප්‍රශ්නය සදහා ප්‍රකාශ ඩෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොදින්ම ගැලපෙනුයේ පහත් දක්වෙන (1), (2), (3), (4) සහ (5) ‍යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාර දැයි තෝර උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.
(1) පළමුවැනි ප්‍රකාශය සත්‍යය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පළමුවැන්න නිවැරදිව පහදා දෙයි,
(2) පළමුවැනි ප්‍රකාශය සත්‍යය. දෙවැනි ප්‍රකාශය සත්‍යවන වන නමුත් පළමුවැන්න නිවැරදිව පහදා නොදෙයි.
(3) පළමුවැනි ප්‍රකාශය සත්‍යය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.
(4) පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍යය.
(5) පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.

පළමුවැනි ප්‍රකාශය
 propanone හි තාපාංකය  propan-2-ol හි තාපාංකයට වඩා ඉහළය.

දෙවැනි ප්‍රකාශය
Propan-2-ol හි කබන්- ඔක්සිජන් ඒක බන්ධනයට වඩා propanone හි කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනය ධ්‍රැවීය වේ.

51. 
පළමුවැනි ප්‍රකාශය

පියවර කිහිපයකින් සමන්විත ප්‍රතික්‍රියාවක වේගය නිර්ණය වන්නේ අඩුම සක්‍රියන ශක්තිය සහිත පියවරෙනි.

දෙවැනි ප්‍රකාශය
දෙන ලද උශ්ණත්වයකදි, වඩා අඩු සක්‍රියන ශක්තියක් සහිත ප්‍රතික්‍රියාවක වේගය, වඩා වැඩි සක්‍රියන ශක්තියක් සහිත තවත් ප්‍රතික්‍රියාවක වේගයට වඩා සැමවිටම ශ්‍රීඝ්‍රවේ.

52. 
පළමුවැනි ප්‍රකාශය

25 0C දී pH = 5 සහිත ජලීය HCl ද්‍රාවණයක
[OH-] = 10 -9  mol dm-3 
මෙම ද්‍රාවණය ආසූත ජලය සමග දහ ගුණයකින් තනුක කල විට,
[OH-], 10-10 mol dm -3   ට අඩු වේ.
(25 0C දී ජලයේ  KW = 1.0  x 10 -14  mol2 dm-6 )

දෙවැනි ප්‍රකාශය
ආසූත ජලය සමග තනුක කළ විට, ජලීය ද්‍රාවණවල OH අයන සාන්ද්‍රණය සැමවිට ම අඩු වේ.

53. 
පළමුවැනි ප්‍රකාශය

PCl5 පවතින නමුත්, NCl5 නොපවති.

දෙවැනි ප්‍රකාශය
පොස්පරස් පරමාණුව නයිට්‍රජන් පරමාණුවට වඩා විශාල වේ.

54. 
පළමුවැනි ප්‍රකාශය

HNO3 ඔක්සිහරණය කල හැකි නමුත්, ඔක්සිකරණය කල නොහැක.

දෙවැනි ප්‍රකාශය
HNO3 ප්‍රබල ඔක්සිකාරකයන්ගෙන් එකකි.

55. 
පළමුවැනි ප්‍රකාශය

සාන්ද්‍ර H2SO4 සමග සුක්‍රෝස් කළු ස්කන්ධයක් දෙයි.

දෙවැනි ප්‍රකාශය
සාන්ද්‍ර H2SO4 ඉතා ප්‍රබල විජලකාරකයකි.

56. 
පළමුවැනි ප්‍රකාශය

අමිශ්‍ර ද්‍රව දෙකක මිශ්‍රණයක් සෑම විටම සංශුද්ධ ද්‍රව දෙකෙහිම තාපාංක වලට වඩා අඩු උෂ්ණත්වයකදි නටයි.

දෙවැනි ප්‍රකාශය
ද්‍රවයක වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වූ විට, ද්‍රවය නටයි.

57. 
පළමුවැනි ප්‍රකාශය

දෙන ලද ප්‍රතික්‍රියක(යක) ප්‍රමාණයකින්, දෙන ලද කාලයකදි වැඩි ඵල ප්‍රමාණයක් ලබා ගැනිම සදහා කර්මාන්තවලදි උත්ප්‍රේරක භාවිතා වේ.

දෙවැනි ප්‍රකාශය
හොද උත්ප්‍රේරකයක් පසු ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය නොකරයි.

58. 
පහත සඳහන් ජේදය කියවා අංක 58 හා 59 ප්‍රශ්නවලට උත්තර සපයන්න

                                                    ද්‍රාවණවල ගුණ
සාන්ද්‍රණය, මවුලියතාවය, මවුල භාගය හා මවුල ප්‍රතිශතය වූ කලී ද්‍රාවණවල සංයුතිය ඉදිරිපත් කළ හැකි විවධ ආකාර වේ. ද්‍රාවණයේ එකීය පරිමාවකවක ද්‍රාවිත ද්‍රාව්‍ය මවුල සංඛ්‍යාවට සාන්ද්‍රණයට සමාන වේ. එය උෂ්ණත්වය මත රඳා පවතී. ද්‍රාවක ඒකීය ස්කන්ධයක ද්‍රාවිත ද්‍රව්‍ය මවුල සංඛ්‍යාව  මවුලියතාවයට සමාන වේ. පද්ධතියේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ (extensive properties) වේ. මේ සඳහා උදාහරණ වනුයේ  පරිමාව හා එන්තැල්පියයි. මවුලයකට අදාල එන්තැල්පිය, මවුලික එන්තැල්පිය ලෙස හැඳින්වේ. පද්ධතියේ ප්‍රමාණය මත  රඳා නොපවතින ගුණ ඝටනා ගුණ (intensive properties) වේ. සාන්ද්‍රණය, මවුලීයතාවය, මවුලික පරිමාව හා උෂ්ණත්වය මේ සඳහා උදාහරණ වේ. උෂ්ණත්වය  ඝටනා ගුණයක් වන නිසා, මවුලික උෂ්ණත්වය නමින් ගුණයක් නොපවතී.

පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදි ද?

59. 
පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි ද?

60. 
පහත ප්‍රකාශය සලකන්න

වාෂ්පශීල නොවන ද්‍රව්‍යයක් ද්‍රාවකයක ද්‍රාවණය කළ විට, ද්‍රාවණයේ ද්‍රාවකය විසින් ඇති කෙරෙන වාෂ්ප පීඩනය අඩුවේ. ඒ නිසා ද්‍රාවණයක තාපාංකය  සංශුද්ධ ද්‍රාවකයේ තාපාංකයට වඩා ඉහළ වේ. එම වාෂ්ප පීඩනයේ පාතනය ද ඒ නිසා ඇතිවන තාපාංකයේ ආරෝහණය ද, සංග්‍රාහණ ගුණ සඳහා උදාහරණ වේ.
ද්‍රාවකයක දෙන ලද ස්කන්ධය අඩංගු (අණු, පරමාණු හා අයන වැනි) ද්‍රාවිත අංශු සංඛ්‍යාව මත හැර ඒවායෙහි ස්වභාවය හෝ ව්‍යුහය හෝ මත රදා නොපවතින ගුණ  සංග්‍රාහණ ගුණ වශයෙන් අර්ථ නිරූපණය වේ.
ඉහත සඳහන් ජේදය හා අයනික ද්‍රාවණ පිළිබද ඔබේ දැනුම භාවිත කරමින් පහත සඳහන් ප්‍රශ්නයට උත්තර සපයන්න.
පහත සඳහන් එකිනෙකෙහි ද්‍රව්‍ය අණු මවුල 0.1 බැගින් ජලය කිලෝග්‍රෑම්  1 ක ද්‍රාවණය කළ විට, ඉහළම තාපාංකය ඇත්තේ පහත සඳහන් කුමන ද්‍රාවණය සඳහාද ?

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya