Home A/L ExamChemistry 2002 A/L Chemistry Part I Sinhala- Practice Online

2002 A/L Chemistry Part I Sinhala- Practice Online

by Online Panthiya
0 comment

2002 A/L Chemistry MSQ Paper, now available for online practice! You can access the quiz-style format to practice MCQs and receive real-time answers. This convenient quizzes are designed to help you prepare effectively for your exam, making it easier than ever to test your knowledge and improve your understanding of Chemistry. Start practicing today and boost your exam readiness!

1. 
CO හි එක්තරා නියැදියක ඇත්තේ 14C6 හා 16O8 සමස්ථානික පමණකි. CO හි තවත් නියැදියක ඇත්තේ 12C6 හා 18O8 සමස්ථානික පමණකි. නියැදි දෙක අතර සැලකිය යුතු වෙනසක් දක්වන ගුණාංගය වනුයේ,

2. 
W, X, Y සහ Z යනු අන්තරික නොවන අනුයාත පරමාණුක ක්‍රමාංක ඇති මූලද්‍රව්‍ය හතරකි. W, X හා Y හි පළමු අයනීකරණ එන්තැල්පි අගයන් W < X < Y යන පිළිවෙලට වේ. Z විසින් සාදන ඔක්සයිඩය භාෂ්මික වේ. Zහි පිටස්තර කවචයේ ඉලෙක්ට්‍රෝනික වින්න්‍යාසයේ ආකාරය වනුයේ,

3. 
පහත සඳහන් ඒවා අතරින්, වැඩි ම පළමු අයනීකරණ එන්තැල්පිය සහිත මූලද්‍රව්‍ය වනුයේ,

4. 
වායුමය අවස්ථාවේ දී පහත සඳහන් අයන අතරින් කුඩාම අයනය කුමක්ද?

5. 
ද්විපරමාණුවක අණුවක් සෑදීමේ අඩු ම ප්‍රවණතාවක් ඇති මූලද්‍රව්‍යයෙහි සංයූජතා කවචයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වනුයේ,

6. 
හයිඩ්‍රජන්හි පරමාණුක විමෝචන වර්ණාවලිය සම්බන්ධව කුමන පහත සදහන් ප්‍රකාශය නිවැරදිද?

7. 
ආම්ලිකෘත මාධ්‍යයක දී, Cr2O7^2- සහ H2O2 අතර ප්‍රතික්‍රියාවේ දී H2O2, O2 වලට ඔක්සිකරණය වේ. Cr2O7^2-, Cr3+ වලට පරිවර්තනය වේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා නිවැරදි සමීකරණය වනුයේ,

8. 
SO4^2-අයනයේ හැඩයට සැලකිය යුතු තරම් වෙනස් හැඩයක් ඇති අයනය/අණුව වනුයේ

9. 
HOBr හි විඝටන ඵල විය හැකි යයි සිතීමට නොහැක්කේ,

10. 
සුදු පැහැති අකාබනික ලවණයක් තනුක HCI වලදී ද්‍රාවණය කරන ලදී. මෙම ද්‍රාවණය වැඩිපුර NH4OH භාෂ්මික කළ විට, අවර්ණ පැහැදිලි ද්‍රාවණයක් ලැබිණ. මෙම ද්‍රාවණයේ එක් කොටසක් H2S සමඟ පිරියම් කළ විට සුදු පැහැති අවක්ෂේපයක් ලැබිණ. ද්‍රාවණයේ ඉතිරි කොටස ජලීය Ba(OH)2 සමග පිරියම් කළ විට ද සුදු පැහැති අවක්ෂේපයක් ලැබිණ. මෙම ලවණය වන්නේ

11. 
ඒක සංයුජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩයේ 5.0 g, එහි නිර්ජලීය සල්ෆේටයට සම්පූර්ණයෙන් ම පරිවර්තනය කළ විට නිර්ජලීය සල්ෆේටයෙ 6.0 gක් ලැබේ. (H=1, Cl=35.5, S=32, O=16) ලෝහයෙහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනුයේ,

12. 
A B හා C යනු NH4OH සමඟ අවක්ෂේප ලබා දෙන කැටයාන තුනකි. මෙම අවක්ෂේප වැඩිපුර NH2OH හි ද්‍රාවණය වේ. A, B හා C වනුයේ,

13. 
NaOH හා Na2CO3හි ජලීය ද්‍රාවණයක NaOH : Na2CO3 මවුල අනුපාතය 1 : 2 වේ. මෙම ද්‍රාවණයෙන් 25.00 cm3 ක් 0.1 mol dm-3 HCl ද්‍රාවණයක් සමඟ පිනොල්ෆ්තැලින් දර්ශකය වශයෙන් යොදා ගනිමින් අනුමාපනය කළ විට අන්ත ලක්ෂය 15.00 cm3 වේ. පිනොල්ෆ්තැලින් වෙනුවට, මෙතිල් ඔරේන්ජ් දර්ශකය යොදා මෙම අනුපාමනය නැවත සිදුකළ විට අන්ත ලක්ෂ්‍යය (cm3) වනුයේ,

14. 
25 oC දී ජලයේ KNO3 හි ද්‍රාව්‍යතාවය ජලය කිලෝග්‍රෑම් එකකට 300 g වේ. ජලය 600 g හි KNO3 540 g අඩංගු උණු ද්‍රාවණයක් සිසිල් කර විට, 25 oC දී ද්‍රාවණයෙන් ස්ඵටීකීකරණය වන KNO3 හි උපරිම ස්කන්ධය වනුයේ,

15. 
0.2 moldm-3 NaOH 125 cm3 හා 0.1mol dm-3 H2SO4 125 cm3 මිශ්‍ර කල විට ලැබෙන ද්‍රාවණයේ අඩංගු අයන මවුල සංඛ්‍යාව වනුයේ,

16. 
පහත සඳහන් ක්ලෝරයිඩවලින් කුමන එක1.0 moldm-3 ජලීය ද්‍රාවණයකදී ඉහළ ම pH අගය පෙන්වයි ද?

17. 
H2O2, ආම්ලිකෘත MnO-4 සමග ප්‍රතික්‍රියා කර O2, Mn2+. සහ H2O පමණක් ලබා දෙයි . ආම්ලිකෘත මාධ්‍යයක දී, H2O2 මවුලයක් සමඟ සම්පූර්ණ ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය MnO-4 මවුල සංඛ්‍යාව වනුයේ,

18. 
A නම් ලවණයක තනුක HCl ද්‍රාවණයක්

(i) අවරණය.
(ii) H2S සමඟ තැඹිලි පැහැති අවක්ෂේපයක් දෙයි.
(ii) ජලයට එකතු කළ විට සුදු පාට අවක්ෂේපයක් දෙයි.
A ලවණයෙහි අඩංගු කැටායනය වනුයේ,

19. 
මින් කුමක් සහසංයුජ බන්ධන සෑදීම නිරූපණය කරයිද?

20. 
27 oC උෂ්ණත්වයක දී හා 105 Pa පීඩනයක දී වාතයේ පරිමාවෙන් 21% ඔක්සිජන් වේ. මෙම වාතයෙන් 10 cm3 එම උෂ්නත්වයේ දී ම 1 m3 දක්වා සම්පීඩනය කරන ලදී. මෙම සම්පිඩිත වායුවේ ඔක්සිජන් හී ආංශික පීඩනය (Pa එකකවලින්)

21. 
25 oC දී විද්‍යුත් රසායනික කෝෂ දෙකක් සඳහා සම්මත කෝෂ වි. ගා.බ (Eocell) අගයන් පහත දී ඇත.


25 oC දී A2+(aq)/A හා C2+(aq)/C යන ඉලෙක්ට්‍රෝඩවලින් සමන්විත කෝෂය සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් සත්‍ය වේද?

22. 
පහත (a) සිට (e) දක්වා දී ඇති පද්ධති සලකන්න.


සමතුලිතතා පද්ධති වශයෙන් සැලකිය හැක්කේ පහත සඳහන් යුගල අතරෙන් කුමක්ද?

23. 
පහත සඳහන් තාප රසායනික දත්ත KJmol-1 ඒකක වලින් දී ඇත

AgI (s) හි දැලිස් එන්තැල්පිය = -876
Ag+ (g) හි  සම්මත සජලන එන්තැල්පිය = -464
I- (g) හි සම්මත සජලන එන්තැල්පිය = -293



යන සමීකරණයේ නිරූපණය වන ජලයෙහි Agl (s) ජලයෙහි ද්‍රාවණය සදහා වන සම්මත එන්තැල්පිය KJmol-1 ඒකක වලින්

24. 
P හා Q ප්‍රතිකියක දෙක හා සම්බන්ධ එක්තරා ප්‍රතික්‍රියාවක් සඳහා 353 K දී ලබාගත් පරීක්ෂණාත්මක දත්ත පහත දී ඇත.

P හි ආරම්භක සාන්ද්‍රණය / moldm-3

Q හි ආරම්භක සාන්ද්‍රණය / moldm-3

ආරම්භක ප්‍රතික්‍රියා
වේගය / moldm-3minute-1

3.2 x 10-3

2.5 x 10-2

1.74 x 10-5

3.2 x 10-3

5.0 x 10-2

3.48 x 10-5

1.6 x 10-3

2.5 x 10-2

8.70 x 10-6


ප්‍රතික්‍රියාව සඳහා අදාළ වේග සමීකරණය වනුයේ

25. 
පහත දී ඇති දත්ත අංක 25 සහ 26 ප්‍රශ්න දෙක හා සම්බන්ධවයි.

එක වායු බල්බයක A වායුවද තවත් වායු බල්බයක B වායුව ද අන්තර්ගතවේ. මෙම වායු බල්බ දෙක ම එකම උෂ්ණත්වයේ පවතී. A වායුවේ ඝනත්වය B වායුවේ ඝනත්වයෙන් අඩක් වේ. Bවායුවේ වර්ග මධ්‍යන්‍ය වේගය, A වායුවේ වර්ග මධ්‍යන්‍ය වේගය මෙන් දෙගුණයක් වේ. A වායුවේ පීඩනය 1000 = KPa

B වායුවේ පීඩනය kPa වලින්

26. 
වායූ බල්බ දෙකෙහි පරිමාවන් එක හා සමාන නම්, A වායුවේ අනුසංඛ්‍යාව : B වායුවේ අණු සංඛ්‍යාවට දරන අනුපාතය

27. 
පහත දී ඇති දෑ වලින් උත්ප්‍රේරකවල ලක්ෂණයක් නොවන්නේ කුමක්ද ?

28. 
පහත දැක්වෙන බහු අවයව අතරෙන්,

  • තපසුවිකාර්ය වන
  • හරස්දාම නොමැති
  • ආකලන බහුඅවයවීකරණයේ ඵලයක් වන,

 බහු අවයවය කුමක්ද?

29. 
[Co(NH3)5CI]Cl2 පිළිබඳ ව නිවැරදි ප්‍රකාශය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?

30. 
පහත දැක්වෙන සංයෝග අතරින් කුමක් ආම්ලික ජලීය මාධ්‍යයේ දී H2S සමග ප්‍රතික්‍රියා කර, ඵලවලින් එකක් ලෙස සල්පර් නොසාදයි ද?

31. 
25°C දී වායුමය ඇසිටීලින් හා ද්‍රව බෙන්සීන් සම්පත දහන එන්තැල්පින් (kJmol-1) පිළිවෙලින් xහා y වේ.


ප්‍රතික්‍රියාව සඳහා සම්මත එන්තැල්පි වෙනස (kJmol-1)

32. 
පහත සංයෝගයේ IUPAC නාමය වනුයේ,

33. 
පහත දැක්වෙක ප්‍රකාශ අතරින් වැරදි වන්නේ කුමක්ද?

34. 
පහත සඳහන් ඒවායින් කුමක්, හිරුඑළිය ඇති විට, Cl2 හා මෙතේන් අතර ප්‍රතික්‍රියාවෙහි එක් පියවරක් වඩාත් නිවැරදි ව නිරූපණය කරයිද?

35. 
පහත දැක්වෙන සංයෝගවලින් ත්‍රිමාන සමාවයවිකතාවය පෙන්වන්නේ කුමන ඒවාද?

36. 
පහත දැක්වෙන ප්‍රතික්‍රියා පටිපාටිය සලකන්න.



පිළිවෙලින් A සහ B වලට අනුරූපීවීමට, වඩාත් ම ඉඩ ඇති සංයෝග වනුයේ,

37. 
බෙන්සොයික් අම්ලයේ නයිට්‍රොකරණය ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවකි. මෙම ප්‍රතික්‍රියාවේ දී සෑදීමට වඩාත් ම ඉඩ ඇති අතරමැදිය වනුයේ,

38. 
ඇනලීන් NaNO2/HCl සමග 5-10 oCදී ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ප්‍රතික්‍රියා මිශ්‍රණය ජලීය NaOH හි පිනෝල් ද්‍රාවණයකට එකතු කළ විට, සෑදෙන ප්‍රධාන ඵලය වනුයේ,

39. 
පහත ප්‍රතික්‍රියාව

40. 
ඇල්කිල් හේලයිඩ සහ මධ්‍යසාරීය KOH ප්‍රතික්‍රියා කර, ඇල්කීන ලබා දෙනප්‍රතික්‍රියාව සලකන්න. ප්‍රතික්‍රියා යන්ත්‍රණ මූලධර්ම පිළිබඳ ඔබගේ දැනුම භාවිතා කර, මෙම ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය නිවැරදිව දක්වා ඇත්තේ පහත සඳහන් කුමකින් දැයි තෝරන්න.

41. 
අංක 41 සිට 50 දක්වා ප්‍රශ්නවලට උපදෙස්.

අංක 41 සිට 50 තෙක් වු එක් එක් ප්‍රශ්නයේ දක්වා ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදිය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.

(a) සහ (b) පමණක් නිවැරදි නම් (1) මතද
(b) සහ (c) පමණක් නිවැරදි නම් (2) මතද
(c) සහ (d) පමණක් නිවැරදි නම් (3) මතද
(d) සහ (a) පමණක් නිවැරදි නම් (4) මතද
වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම් (5) මත ද උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙ ස්පරිදි ලකුණු කරන්න.

කාණ්ඩයට අයත් සියලුම සාමාජිකයින්ට ආසන්න වශයෙන් එක ම වර්ණය ඇත්තේ පහත දැක්වෙන සංයෝග/අයන අඩංගු කාණ්ඩ අතරෙන් කුමන කාණ්ඩයට /කාණ්ඩවලටද?

(a) CdS, AgI, K2CrO4       
(b) [Co(NH3)6]2+, [Ni(NH3)6]2+, [CoCl4]2-
(c) CuS, NiS, ZnS
(d) CuCl2, NiCl2, MnCl2

42. 
කැල්සියම් කාබයිඩ් පිළිබඳ ව සත්‍ය වන්නේ පහත සඳහන් කුමක ප්‍රකාශ(ය) ද ?

(a) CaO සහ කාබන් රත් කිරීමෙන් එය සෑදිය හැකිය.
(b) විරංජන කුඩුවල වානිජ නිෂ්පාදනය සඳහා එය භාවිත කෙරේ.
(c) එය පොහොරක් ලෙස භාවිත කෙරේ
(d) එය ජලීය KMnO4 අවර්ණ කරයි.

43. 
පහත සඳහන් ඒවා අතරෙන් වාතය පිළිබඳ ව නිවැරදි වන්නේ කුමන ප්‍රකාශ(ය) ද ?

(a) එහි Ar ට වඩා H2 අඩංගු වේ.
(b) එහි ආසන්න වශයෙන්, N2 වල මවුල ප්‍රතිශතය78 සහ O2 වල මවුල ප්‍රතිශතය 21 වේ.
(c) එහි CO2 ට වඩා Ar අඩංගු වේ.
(d) එහි Ar ට වඩා He අඩංගු වේ.

44. 
ක්ෂාරිය මාධ්‍යයක දී කාර්මික අප ජලය OCl- සමග පිරියම් කිරීමෙන්, අප ජලයෙහි අඩංගු සයනයිඩ් අයන පහත සඳහන් ජලයෙහි අඩංගු සමීකරණයට අනුව N2 සහ කාබනේට් අයනවලට පරිවර්තනය වේ.




මෙම ප්‍රතික්‍රියාව සම්බන්ධ ව පහත සඳහන් කුමන ප්‍රකාශ(ය) නිවැරදි ද?

(a) OCl- හි ඔක්සිජන්වල ඔන්සිකරණ අංකය 0 සිට -2 දක්වා වෙනස් වේ.
(b) කාබන්වල ඔක්සිකරණ අංකය +2 සිට +4 දක්වා වෙනස් වේ.
(c) නට්‍රජන්වල ඔක්සිකරණ අංකය -3 සිට 0 දක්වා වෙනස් වේ.
(d) ක්ලෝරින්වල ඔක්සිකරණ අංකය +1 සිට -1 දක්වා වෙනස් වේ.

45. 
SO2 හා CO2 එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක්ද ? / කුමන ඒවා ද ?

(a) Ba(OH)2 ද්‍රාවණයක්
(b) ලෙඩ් ඇසිටේට්වලින් තෙත් කරන ලද පෙරහන් කඩදාසියක්
(c) K2Cr2O7ද්‍රාවණයක්
(d) රතු පැහැති මල් පෙති කැබැල්ලක්

46. 
Α හා Β ද්‍රව එකිනෙක සමඟ පරපූර්ණ ද්‍රාවණ සාදයි. A හා B මවුලයක් බැගින් ගෙන බෝතලයක මිශ්‍ර කර බෝතලය වසනු ලැබේ. පරීක්ෂණ තත්ත්වය යටතේ, සංශුද්ධ A හා සංශුද්ධ B හි වාෂ්ප පීඩන පිළිවෙලින් 120 mmHg සහ 140mmHg වේ. සමතුලිත අවස්ථාවේ, දී ද්‍රව කලාපයේ A හා B හි මවුලභාග පිළිවෙලින් XA, XB වේ. එවිට වෂ්ප කලාපයේ A හා B හි මවුල භාග පිළිවෙලින් YA හාYB වේ. පහත සඳහන් කුමන ප්‍රකාශ(ය) සත්‍යය ද?

(a) XA = XB        (b) YB > YA               (c) XA > XB               (d) YA > YB

47. 
MX සහ NX2 වන අයනික සංයෝගවල ද්‍රව්‍යතා ගුණිත 300 K දී, පිළිවෙලින් 1 x 10-8 mol2dm-6 හා 4 x 10-12 mol3dm-6 වේ. මෙහි M ඒක සංයුජ ලෝහයක් වන අතර N ද්වි සංයුජ ලෝහයක් වේ. MX හි සංතෘප්ත ද්‍රාවණයක් (ද්‍රාවණය A) හා NX2 හි සංතෘප්ත ද්‍රාවණයක් (ද්‍රාවණය B) සම්බන්ධව කුමන ප්‍රකාශ (ය) 300 K දී සත්‍යය ද?

(a) A ද්‍රාවණයේ M+ හි සාන්ද්‍රණය, B ද්‍රාවණයේ N2+ හි සාන්ද්‍රණයට සමාන වේ.
(b) A ද්‍රාවණයේ X- හි සාන්ද්‍රණය, B ද්‍රාවණයේ X- හි සාන්ද්‍රණය මෙන් දෙගුණයකි.
(c) B ද්‍රාවණයේ N2+ හි සාන්ද්‍රණය, A ද්‍රාවනයේ M+ හි සාන්ද්‍රණය මෙන් දෙගුණයකි.
(d) B ද්‍රාවණයේ X- හි සාන්ද්‍රණය, A ද්‍රාවණයේ X- හි සාන්ද්‍රණය මෙන් දෙගුණයකි.

48. 
0.2 moldm-3 HCI ද්‍රාවණයකින් 100 cm³ සමග ඒකාකාර ව කුඩුකර ඇති CaCO3 1.0 g (සාපේක්ෂ අනුක ස්කන්ධය = 100) ප්‍රතික්‍රියා කරන ලදී. එකතු කරගත් CO2 (g ) පරිමාව කාලයට එරෙහි ප්‍රස්ථාර ගත කළ විට පහත සඳහන් ප්‍රස්තාරය ලැබිණ.



(a) CO2 (g) මුක්ත වන වේගය කාලය සමඟ අඩු වේ.
(b) ප්‍රතික්‍රියාව ආරම්භ වී මිනිත්තු 6 ක් පමණ ගත වූ පසු, සමතුලිතතාවයක් ඇති වේ.
(c) CO2 (g) මුක්ත වන වේගය කාලය සමඟ වැඩි වේ.
(d) ප්‍රතික්‍රියාව ආරම්භ වී, මිනිත්තු 6 ක් පමණ ගත වූ පසු, ද්‍රාවණයේ අඩංගු විවිධ ප්‍රභේදවල සාන්ද්‍රණ නියත වේ.

49. 
බෙන්සීන් පිළිබඳ සත්‍ය ප්‍රකාශ (ය) වනුයේ,

(a) බෙන්සීන්හි π ඉලෙක්ට්‍රෝන 6 ක් තිබේ.
(b) බෙන්සීන් පහසුවෙන් නියුක්ලියෝෆයිල සමග ප්‍රතික්‍රියාවට භාජනය වේ.
(c) බෙන්සීන් ස්ථානගත (localized) π බන්ධන තුනක් ඇත.
(d) බෙන්සීන් ලාක්ෂණික වශයෙන් ආදේශ ප්‍රතික්‍රියාවට භාජනය වේ.

50. 
පහත සංයෝගය


(a) ඇමෝනීය සිල්වර් නයිට්‍රේට් සමඟ රිදී කැඩපතක් සහ බ්‍රේඩී ප්‍රතිකාරකය සමග තැඹිලි පැහැ අවක්ෂේපයක් ලබා දේ.
(b) ඇමෝනීය සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරන නමුත් රිදී කැඩපතක් ලබා නො දේ.
(c) Br2/H2 නිර්වර්ණ කරයි.
(d) ඇමෝනීය සිල්වර් නයිට්‍රේට් සමඟ ප්‍රතික්‍රියා නොකරයි.

51. 
අංක 51 සිට 60 දක්වා ප්‍රශ්නවලට උපදෙස්:

අංක 51 සිට 60 තෙක් ප්‍රශ්නවල දී එක් එක් ප්‍රශ්නය සදහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොදින් ම ගැළපෙනුයේ (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.

 

  1. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන අතර, පලමුවැන්න නිවැරදි ව පහදා දෙයි.
  2. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය වන නමුත්, පලමුවැන්න නිවැරදි ව පහදා නොදෙයි.
  3. පළමුවැනි ප්‍රකාශය සත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.
  4. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය සත්‍ය ය.
  5. පළමුවැනි ප්‍රකාශය අසත්‍ය ය. දෙවැනි ප්‍රකාශය අසත්‍ය ය.

පළමුවැනි ප්‍රකාශය

propanone (Mr = 58) හි තාපාංකය, 2-methylpropane (Mr = 58) තාපාංකයට වඩා වැඩිය.

දෙවැනි ප්‍රකාශය

Propanone අණු අතර හයිඩ්‍රජන් බන්ධන නොසෑදේ.

52. 
පළමුවැනි ප්‍රකාශය

2-methylpropan-2-ol වලට වඩා කෙටි කාලයකින් butan -2-ol සාන්ද්‍ර HCl/ZnCl2 සමග ආවිලතාවයක් (turbidity) ලබා දේ.

දෙවැනි ප්‍රකාශය

තෘතියික කාබෝනියම් අයන ද්විතියික කාබෝනියම් අයනවලට වඩා ස්ථායි වේ.

53. 
පළමුවැනි ප්‍රකාශය

ග්ලුකෝස් ජලයෙහි ද්‍රාව්‍ය වන අතර කොලෙස්ටරෝල් (cholesterol) ජලයෙහි අද්‍රාවය වේ.

දෙවැනි ප්‍රකාශය

කොලෙස්ටරෝල්වලට ජලය සමග හයිඩ්‍රජන් බන්ධන සෑදිය නොහැකිය.

54. 
පළමුවැනි ප්‍රකාශය

විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහලින් ඇති මූලද්‍රව්‍ය, පහතින් ඇති ඒවාට වඩා හොද ඔක්සිහාරක වේ.

දෙවැනි ප්‍රකාශය

විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළින් ඇති මූලද්‍රව්‍යයක ලවන ද්‍රාවණයකින්, එම මූලද්‍රව්‍යය, ශ්‍රේණියේ ඉහලින් ඇති මූලද්‍රව්‍යයක් මගින් විස්ථාපනය කළ හැකිය.

55. 
පළමුවැනි ප්‍රකාශය

කෝස්ටික් සෝඩා නිෂ්පාදනය සඳහා වන එක් විද්‍යුත් විච්ජේද ක්‍රියාවලියක දී ග්‍රැපයිට් (මිනිරන්) ඇනෝඩ යොදා ගැනේ.

දෙවැනි ප්‍රකාශය

ග්‍රැපයිට් හොඳ විද්‍යුත් සන්නායකයක් වන අතර එය කෝස්ටික් සෝඩා මගින් විඛාදනය නොවේ.

56. 
පළමුවැනි ප්‍රකාශය

කේතලයක නටන ජලය සහ වාෂ්පය සමතුලිතතා පද්ධතියක් සාදයි.

දෙවැනි ප්‍රකාශය

නියත බාහිර පීඩනයක දී, ඕනෑ ම නටන ද්‍රව්‍යයක උෂ්ණත්වය නියතයකි.

57. 
පළමුවැනි ප්‍රකාශය

CO හි ඔක්සිජන් ග්රෑම් 1 ට කාබන් 0.430 g අඩංගු වන අතර, CO2 හි ඔක්සිජන් ග්රෑම් 1 ට කාබන් 0.215 g අඩංගුවේ. (C = 12, O = 16)

දෙවැනි ප්‍රකාශය

මූලද්‍රව්‍යය දෙකක්, සංයෝග එකකට වැඩි ගණනක් සාදමින් සංයෝජනය වන්නේ නම්, ඒවා එසේ සංයෝජනය වන්නේ සරල පරමාණුක අනුපාතවලිනි.

58. 
පළමුවැනි ප්‍රකාශය

වායුගෝලීය O2 සමග ප්‍රතික්‍රියාව වැළැක්වීමට, පොස්පරස් ජලය තුළ ගබඩා කරනු ලැබේ.

දෙවැනි ප්‍රකාශය

ජලයෙහි දිය වූ O2, පොස්පරස් සමග ප්‍රතික්‍රියා නොකරයි.

59. 
පළමුවැනි ප්‍රකාශය

තනුක HCI හි Ni2+ ද්‍රාවණයක් H2S සමඟ NiS හි කළු අවක්ෂේපයක් නොදෙයි.

දෙවැනි ප්‍රකාශය

NiS ඉතා පහසුවෙන් තනුක HCl හි ද්‍රාවණය වේ.

60. 
පළමුවැනි ප්‍රකාශය

0.01 moldm-3 HCl ද්‍රාවණයක pH අගයට වඩා 0.01moldm-3 H2SO4 ද්‍රාවණයක pH අගය අඩුය.

දෙවැනි ප්‍රකාශය

තනුක ජලීය ද්‍රාවණවල H2SO4, HCl ට වඩා ප්‍රබල අම්ලයකි.

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya