Home A/L ExamChemistry 2000 A/L Chemistry Part I Sinhala- Practice Online

2000 A/L Chemistry Part I Sinhala- Practice Online

by Online Panthiya
0 comment

2000 A/L Chemistry MSQ Paper, now available for online practice! You can access the quiz-style format to practice MCQs and receive real-time answers. This convenient quizzes are designed to help you prepare effectively for your exam, making it easier than ever to test your knowledge and improve your understanding of Chemistry. Start practicing today and boost your exam readiness!

1. 
Zn වලට වඩාත්ම සමාන රසායනික ගුණ ඇති මූල්ද්‍රවය වන්නේ

2. 
අවර්තිතා වගුවේ d-ගොනුවට අයත් නොවන මුලද්‍රවය වන්නේ

3. 
300 K උෂ්නත්වයකදී හා වායුගෝල 1 ක පීඩනය යටතෙහි, N2 වල ඝනත්වයට ආසන්නම ඝනත්වයක් ඇතැයි බලාපොරොත්තු විය හැකි වායුව කුමක්ද?

සාපේක්ෂ පරමාණුක ස්කන්ධ H = 1; C = 12; N = 14; O = 16; F = 19

4. 
පහත සදහන් එවායින් තාපස්ථාපන බහු අවයවයක් වන්නේ කුමක්ද?

5. 
වායුමය අවස්ථාවේදී ද්විපරමාණුක අණුවක් සෑදීමට වඩාත්ම ඉඩ ඇති මූලද්‍රවය වනුයේ

6. 
බාහිර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np3 ආකාරයේ වන මූලද්‍රවයකට තිබීමට වඩාත්ම ඉඩ ඇති සංයුජතා වන්නේ

7. 
සාපේක්ෂ අණුක ස්කන්ධය 270 ක් වන, C, H සහ O පමණක් අඩංගු කාබනික සංයෝගයක ස්කන්ධය අනුව ඔක්සිජන් 29.6% අඩංගුය. මෙම කාබනික සංයෝගයේ අණුවක ඔක්සිජන් පරමාණු කොමපණ ඇත්ද?

(සාපෙක්ෂ පරමාණුක ස්කන්ධ H = 1; C = 12; O = 16)

8. 
දෙන ලද උෂ්නත්වයකදී සිදුවන, වායුමය මෙතේන්වල පියවර ආකාර විඝටනය සදහා සම්මත එන්තැල්පි අගයන් ∆H_D^0 පහත දක්වා ඇත.


CH4 (g)වල C–H බන්ධනය සදහා මධ්‍යන්‍ය සම්මත බන්ධන විඝටන එන්තැල්පිය, kJ mol-1ඒකක වලින් ගන්නා අගය වනුයේ,

9. 
ස්කන්ධය අනුව එතනෝල් (C2H5OH) 10% ක් අඩංගු ජලීය එතනෝල් ද්‍රාවණ 0.10 kg හි, හයිඩ්‍රජන් පරමාණු මවුල කොපමණ අන්තර්ගත වේද?

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධ: H = 1; C = 12; O = 16)

10. 
පහත සමීකරණය අනුව, Ca(H2PO4)2 100 g ක් ලබා ගැනීමට අවශ්‍ය Ca3(PO4)2 ස්කන්ධය ගණනය කරන්න.

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධ: H = 1; O = 16; P = 31; Ca = 40)

11. 
0.050 moldm-3 NaOH ද්‍රාවණය 100.0 cm3 ක් හා 0.020 moldm-3 H2SO4 ද්‍රාවණය 50.0 cm3 ක් මිශ්‍රකර, මිශ්‍රණයේ මුලු පරිමාව 250.00 cm3 වන තෙක් අස්‍රැත ජලය එකතු කරන ලදී. අවසාන ද්‍රාවණයේ OH- අයන සාන්ද්‍රණය වනුයේ,

12. 
HCl ද්‍රාවණයක ස්කන්ධය අනුව HCl 36.5% ක් අඩංගු වේ. ද්‍රාවණයේ ඝනත්වය 1.15 gcm-3 වේ. ද්‍රාවණයේ HCl සාන්ද්‍රණය, moldm-3 ඒකකවලින් කොපමණද?

(H = 1; Cl = 35.5)

13. 
පහත සදහන් ජලීය ද්‍රාවණ අතර ඉහළම pH අගය දක්වන්නේ කුමක්ද?

14. 
A + B --> 2D යනු තනි පියවර ප්‍රතික්‍රියාවකි. A හා B වල දෙන ලද සාන්ද්‍රණ සදහා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය R වලට සමාන වේ. A හා B වල සාන්ද්‍රණ දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය විය හැක්කේ.

15. 
0.1 moldm-3 NH4OH ද්‍රාවණය 100 cm3, 0.1 moldm-3 NH4Cl ද්‍රාවණය 100 cm3 සමග මිශ්‍ර කර ද්‍රාවණයක් පිළියෙළ කරන ලදී. මෙම ද්‍රාවණයට තව ජලය 10 cm3 එකතු කළ විට ප්‍රතිඵලය වනුයේ.

16. 
0.1 moldm-3 HCl, 1cm3 ක් එක් කළ විට, pH අගයෙහි විශාලතම වෙනස දක්වන්නෙ පහත සඳහන් කුමන ද්‍රාවණයෙන් ද?

17. 
ඇපටයිට්, පොස්පෙටි පොහොර බවට කාර්මිකව පරිවර්තනය කිරිම සඳහා පහත සඳහන් ද්‍රව්‍යයන් අතරෙන් කුමක් භාවිතා වෙි ද?

18. 
ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළෙහි පුල්මුඩෙි නම් ස්ථානයේ ඇති ඛනිඡ වැලි වර්ගයක් ඉල්මනයිටි වශයෙන් හැඳින්වෙ යි. ඉල්මනයිටි වල වැඩි වශයෙන් අඩංගු වන්නෙ පහත සඳහන් මූලද්‍රව්‍යයන් අතරෙන් කුමක්ද?

19. 
විශාලතම දෙවෙනි අයණීකරණ ශක්තිය ඇත්තේ පහත සඳහන් මූලද්‍රව්‍යයන් අතරෙන් කුමකට ද?

20. 
ජලයෙහි අඩංගු ක්ලොරයිඩ අයන අනාවරණය කිරීමට හොඳම ක්‍රමය වනුයේ,

21. 
CuSO4 වල ජලීය ද්‍රාවණයකට වැඩිපුර NH4OH එකතු කළ විට ලැබෙන වර්ණයට වඩාත් ම සමීප වර්ණයක් ඇති ද්‍රාවණයක් ලැබෙනුයේ පහත සඳන් කුමන ක්‍රියාව මගින්ද?

22. 
NaOH ද්‍රාවණයක 25.0 cm3 කොටස්, HCl ද්‍රාවණයක් සමඟ අනුමාපනය කිරීමෙදි අත්‍යවශයෙන්ම සිදු කළ යුත්තේ පහත සඳහන් කුමන ක්‍රියාව ද?

23. 
දී ඇති ප්‍රතික්‍රියාවේදී

24. 
හැලජන් අම්ලයන්හි, 0.1 moldm3 ජලිය ද්‍රාවණවල, H+(aq) සාන්ද්‍රණයන්ගේ නිවැරදි අනුපිළිවෙල වන්නේ පහත සදහන් ඒවායින් කුමන එක ද?

25. 
L ඇල්කයිල් බිරොමයිඩය උණු මධ්‍යසාරිය KOH සමඟ ප්‍රතික්‍රියා කළ විට M සංයෝගය ලබා දුනි. M, HBr සමඟ ප්‍රතික්‍රියා කළ විට ලද N, L වල සමාවයවිකයකි. N සංයෝගය, ජලීය KOH සමඟ ප්‍රතික්‍රියා කළ විට, තෘතියික ඇල්කොහොලයක් ලබා දුනි. L වීමට වඩාත් ඉඩ ඇත්තේ පහත සඳහන් කුමන සංයොගය ද?

26. 
පහත සඳහන් a, b හා c යන කාබොනියම් අයන තුන සලකා බලන්න.



අයනවල ස්ථායිතාවයේ අනුපිළිවෙළ වනුයේ ?

27. 
සාන්ද්‍ර HNO3 හා සාන්ද්‍ර  H2SO4 මිශ්‍රණයක්  මඟින් බෙන්සින් නයිට්‍රෝකරණය කළ විට, අතර- මැදියක් ලෙස සෑදෙන්නේ පහත සඳහන් විශේෂ අතරින් කුමක් ද?

28. 
පහත පරිවර්තනය සිදු කිරීමට, පහත සඳහන් කුමන ප්‍රතික්‍රියා අනුපිළිවෙළ වඩාත් උචිත වේ ද?

29. 
ආලෝකය ඇති විට, Cl2 සහ මෙතේන් අතර මුක්ත බණ්ඩක ප්‍රතික්‍රියාවේදී , පහත සඳහන් පියවර අතරෙන් කුමක් සිදු නොවේ ද?

30. 
A,B හා C යන සංයෝග සලකන්න.


මින් කුමන ප්‍රකාශය සත්‍ය වේ ද?

31. 
අංක 31 සිට 40 තෙක් වූ එක් එක් ප්‍රශ්නයේ දක්වා ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතරෙන් එකක් හෝ වෙනත් සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැයි තෝරා ගන්න.

(a) සහ (b) පමණක් නිවැරදි නම් (1) මත ද
(b) සහ (c) පමණක් නිවැරදි නම් (2) මත ද
(c) සහ (d) පමණක් නිවැරදි නම් (3) මත ද
(d)සහ (a) පමණක් නිවැරදි නම් (4) මත ද
වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදි නම් (5) මත ද ලකුණු කරන්න.

ඉලෙක්ට්‍රෝන සම්බන්ධව පහත සදහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද ?

(a) චුම්බක ක්ෂේත්‍රයක දී ඉලෙක්ට්‍රෝන වක්‍රාකාර පථයක ගමන් කිරිමට නැඹුරැ වේ.
(b) ඉලෙක්ට්‍රෝනවලට අංශුමය සහ තරංගමය ගුණ යන දෙකම ඇත.
(c) පරමාණුවකට ඉලෙක්ට්‍රෝන එකතු කිරිම හෝ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරිම හෝ සිදු කළ නොහැකිය.
(d) ඉලෙක්ට්‍රෝනවල වේගය, ආලෝකයේ වේගයේ සමාන වේ.

32. 
පරමාණුවක කාක්ෂික සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද ?

(a) p - කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ විට, සැමවිට - බන්ධදනයක් සෑදෙයි.
(b) s - කාක්ෂිකයක්, p - කාක්ෂිකයක් සමඟ අනිච්ඡාදනය වූ විට, - බන්ධනයක් හෝ   - බන්ධනයක් හෝ සෑදිය හැකිය.
(c) s - කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වූ විට, සැමවිටම, - බන්ධනයක් සෑදෙයි.
(d) මුහුම්කරණයට සහභාගි වන s හා p - කාක්ෂික, එකම පරමාණුවකට අයත් විය  යුතු ය.

33. 
තනුක H2SO4 සමග රත් කළ විට ආම්ලික වායුවක්ද, තනුක NaOH සමග රත් කළ විට භාෂ්මික වායුවක් ද, ලබා දෙන්නේ පහත සදහන් කුමන සංයෝගයන්/සංයෝගය ද?

(a) Pb(NO3)2             (b) (NH4)2CO3            (c) NH4NO2        (d) (NH4)2SO4

34. 
ලැසේන් (සෝඩියම්) විලයන පරීක්ෂණයේ අරමුණ වන්නේ, කාබනික සංයෝගයක මූලද්‍රව්‍ය ජලයේ ද්‍රාව්‍ය ඇනායනවලට පරිවර්තනය කිරීම යි. මෙම පරීක්ෂණයේ දී සංඝටක මූලද්‍රව්‍යවලින් උත්පාදනය වන්නේ පහත සඳහන් කුමන ඇනායන/ ඇනායනයද?

(a) P3-         (b) ClO-           (c) CN-           (d) S2-

35. 
මෙතිල්ඇමීන් හා ඇනිලීන් පිළිබඳ පහත සඳහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද ?

(a) මෙතිල්අැමීන්, ඇනිලීන් වලට වඩා ප්‍රබල භෂ්මයක් වන බැවින්, මෙතිල්අැමීන්හි Kb අගය ඇනිලීන් හි Kb අගයට වඩා විශාල වේ.
(b) ඇනිලීන් වල ෆෙනිල් කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන සමඟ, නයිට්‍රජන් පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල, අතිච්ඡාදනය වන නිසා, මෙතිල්අැමීන් වලට වඩා ඇනිලීන් ප්‍රබල භෂ්මයකි.
(c) මෙතිල්අැමීන් ප්‍රාථමික ඇමීනයක්ද, ඇනිලීන් ද්විතීක ඇමීනයක්ද වන බැවින්, මෙතිල්අැමින්වලට වඩා ඇනිලීන් ප්‍රබල භෂ්මයකි.
(d) N පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ඇති නිසා, මෙතිල්අැමීන් හා ඇනිලීන් යන දෙකට ම නියුක්ලියෝෆයිල ලෙස ක්‍රියා කළ හැකිය.

36. 
පහත සඳහන් කුමන ක්‍රියාවලි/ක්‍රියාවලිය තාප අවශෝෂිත වන්නේ ද?

37. 
CH3COOH මවුලයක් සංශුද්ධ ජලය 1dm3 වලට එකතු කරන ලදි. පහත සඳහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද ?

(a) ද්‍රාවණයේ pH > 7 වේ.
(b) ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණය > ද්‍රාවණයේ OH- සාන්ද්‍රණය වේ.
(c) ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණය, ආසන්න වශයෙන් 1 moldm-3 ට සමාන වේ.
(d) ජලීය ද්‍රාවණයක CH3COOH සම්පූරණයෙන් ම විඝටනය නොවේ.

38. 
277 K දි, ග්ලූකෝස් 18 g ක් ජලය 180g හි ද්‍රාවණය කිරීමෙන් පිළියෙල කරගත් ද්‍රාවණයක සංයුතියට අදාළ පහත සදහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද? (ග්ලූකෝස් සහ ජලය යන මේවායේ මෞලික ස්කන්ධ පිළිවෙලින් 180 සහ 18 g/mol වේ. 277 K දි ජලයෙහි ඝනත්වය 1.0 g cm-3 වේ)

(a) ද්‍රාවණයෙහි ග්ලූකෝස්වල සාන්ද්‍රණය 55 moldm-3 වේ.
(b) ද්‍රාවණයෙහි ග්ලූකෝස්වල ස්ක්නධ භාගය10 වේ.
(c) ද්‍රාවණයෙහි ග්ලූකෝස්වල මෞලීයතාවය10 molkg-1 වේ.
(d) ද්‍රාවණයෙහි ග්ලූකෝස්වල මවුල භාගය 1/101 වේ.

39. 
ජලයෙහි දිය වී ඇති ඔක්සිජන් නීරණය කිරීමේ සමාන්‍ය ක්‍රමයට පහත සදහන් කුමන ප්‍රතික්‍රියා/ප්‍රතික්‍රියාව ඇතුළත් වේ ද?

(a) ක්ෂාරිය මාධ්‍යයේ දී, ඔක්සිජන් සමඟ Mn(II) හි ප්‍රතික්‍රියාව.
(b) ක්ෂාරිය මාධ්‍යයේ දී, ඔක්සිජන් සමඟ I- හි ප්‍රතික්‍රියාව.
(c) ආම්ලික මාධ්‍යයේ දී, ඔක්සිජන් සමඟ Mn(II) ප්‍රතික්‍රියාව.
(d) උදාසීන හෝ යන්තමින් ආම්ලික හෝ මාධ්‍යයේ දී S2O32-සමඟ I2 හි ප්‍රතික්‍රියාව.

40. 
Ca2+( Z=20) සහ Zn2+ (Z=30) අයන පිළිබඳ ව පහත සදහන් කුමන ප්‍රකාශ/ ප්‍රකාශය සත්‍ය වේ ද?

(a) අයන දෙකෙහි ම , පිටස්තර ම p - උපකවචයෙහි ඉලෙක්ට්‍රෝන 6 ක් බැගින් ඇත.
(b) අයන දෙකෙහි ම ,පිටස්තර ම කවචයෙහි, ඉලෙක්ට්‍රෝන 18 බැගින් ඇත.
(c) Ca2+ අයනයේ, පිටස්තර ම කවචයේ ඉලෙක්ට්‍රෝන 8 ක් ද, Zn2+ අයනයේ පිටස්තර ම කවචයේ ඉලෙක්ට්‍රෝන 18 ක් ද ඇත.
(d) අයන දෙකෙහි ම පිටස්තර ම කවචයේ ඉලෙක්ට්‍රෝන 8 ක් බැගින් ඇත.

41. 
අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවල දී එක් එක් ප්‍රශ්නය සදහා ප්‍රකාශ දෙක බැගින් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ යුගලයට හොදින් ම ගැළපෙනුයේ (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින් කවර ප්‍රතිචාරය දැයි තෝරන්න.


පළමුවැනි ප්‍රකාශය

ඕනෑම ද්‍රව්‍යයක සම්මත උත්පාදනය එන්තැල්පිය, ∆Hf එකම උෂ්ණත්වයේ දී ද්‍රව්‍යයේ සම්මත එන්තැල්පිය ලෙස සලකනු ලැබේ.

දෙවැනි ප්‍රකාශය

සම්මත තත්ත්ව යටතෙහි, සියලුම මූලද්‍රව්‍යවල එන්තැල්පි අගයන් ශුන්‍යයයි සලකනු ලැබේ.

42. 
පළමුවැනි ප්‍රකාශය

සමස්ථානිකවල රසායනික හා භෞතික ගුණ එක හා සමාන වේ.

දෙවැනි ප්‍රකාශය

සමස්ථානිකවල එක ම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යවක් ද ඇත.

43. 
පළමුවැනි ප්‍රකාශය

ටොලන් ප්‍රතිකාරකය සමඟ ඇසිටැල්ඩිහයිඩ් රත් කළ විට, රිදී දර්පණයක් ලැබේ.

දෙවැනි ප්‍රකාශය

භාෂ්මික මාධ්‍යකදි ඇසිටැල්ඩිහයිඩ් ස්වයං-සංඝනනය වේ.

44. 
පළමුවැනි ප්‍රකාශය

හිරැ එළිය නොමැති විට, බෙන්සීන් ඉතා පහසුවෙන් Br2 සමඟ ඉලෙක්ට්‍රොෆිලික් ආකලනයට භාජනය වේ.

දෙවැනි ප්‍රකාශය

බෙන්සීන්වල π ඉලෙක්ට්‍රෝන පද්ධතිය සම්පුයුක්තතාව මගින් ස්ථායි වේ.

45. 
පළමුවැනි ප්‍රකාශය

NH4CI ජලීය ද්‍රාවණයක් දුර්වල ලෙස ආම්ලික වේ.

දෙවැනි ප්‍රකාශය

ජලීය ද්‍රාවණයක දී NH4CI භාගික ව අයනිකරණය වේ.

46. 
පළමුවැනි ප්‍රකාශය

සමජාතීය ද්‍රාවණයක් 10 oC සිට 185 oC දක්වා රත් කළ විට, 488.15 K ට සමාන උෂ්ණත්ව
වැඩිවීමකට භාජන විය.

දෙවැනි ප්‍රකාශය

උෂ්ණත්වයක්. සෙන්ටිග්‍රේඩ් පරිමාණයේ සිට කෙල්වින් පරිමාණයට පරිවර්තනය කිරිමට, oC වලින් ඉදිරිපත්වන උෂ්ණත්වයට 273.15 ක් එකතු කළ යුතු ය.

47. 
පළමුවැනි ප්‍රකාශය

SO2 (g) හා O2 (g) අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය, ප්‍රතික්‍රියා මිශ්‍රණයට NO (g) එකතු කිරිමෙන් වැඩි කළ හැකිය.

දෙවැනි ප්‍රකාශය

NO(g) ඇති විට, SO2 (g) හා O2(g) අතර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් වේ.

48. 
පළමුවැනි ප්‍රකාශය

H පරමාණුවේ අරය, He+ අයනයේ අරයට සමාන වේ.

දෙවැනි ප්‍රකාශය

H පරමාණුවටත් He+ අයනයටත් එක ඉලෙක්ට්‍රෝණයක් බැගින් ඇත.

49. 
පළමුවැනි ප්‍රකාශය

II කාණ්ඩයේ මූලද්‍රව්‍ය (Mg සිට Ba) වල ලෝහ හයිඩ්රොක්සයිඩවල සංතෘප්ත ද්‍රාවණයන්හි pH අගයයන්, කාණ්ඩය ඔස්සේ පහළට යන විට වැඩි වේ.

දෙවැනි ප්‍රකාශය

II කාණ්ඩයේ ලෝහ හයිඩ්රොක්සයිඩවල ද්‍රාව්‍යතාව, කාණ්ඩය ඔස්සේ පහළට යන විට, වැඩි වෙයි.

50. 
පළමුවැනි ප්‍රකාශය

Mg(II) අයන අන්තර්ගත ජලීය ද්‍රාවණයකට NH4CI හා NH4OH එකතු කළ විට, අවක්ෂේපයක් නො ලැබේ.

දෙවැනි ප්‍රකාශය

Mg(OH)2 , NH4OH වල ද්‍රාවණය වේ.

51. 
A, B හා C සංයෝග තුන වෙන් වෙන් වශයෙන් බ්‍රෝමීන් දියර සමග මිශු කළ විට, ලැබුණ නිරික්ෂණ පහත දැක්වේ:

A බ්‍රෝමීන් දියර විවරණ කළ අතර සුදු අවක්ෂේපයක් දුනි.

B බ්‍රෝමීන් දියර විවරණ නො කළ අතර, අවක්ෂේපයක් ද නො දුනි.

C බ්‍රෝමීන් දියර විවරණ කළ අතර, අවක්ෂේපයක් නො දුනි.

ඉහත සඳහන් නිරීක්ෂණවලට අනුකූල වන්නේ පහත සඳහන් සංයෝග කාණ්ඩ අතරෙන් කුමක් ද?

52. 
X නම් කාබනික සංයෝගය, වැඩිපුර ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලය රත් කළ විට Y ලැබේ. Y සංයෝගය, P2O5 සමඟ රත් කළ විට ඇල්කයිල් සයනයිඩයක් උත්පාදනය වේ. පහත සදහන් එ්වායින් කුමක් X වීමට ඉඩ ඇත් ද?

53. 
පහත සංයෝග දෙක ක්ෂාරීය මාධ්‍යක දී ප්‍රතික්‍රියා කළ විට, ලැබෙන ඵලය වන්නේ

54. 
පහත සදහන් ද්‍රාවණ අතරෙන්, රඋෳල් නියමයට වඩාත්ම අනුකූල ලෙස හැසිරීමට ඉඩ ඇත්තේ කුමක් ද? (D= ඩියුටිරියම්)

55. 
25 oC උෂ්නත්වයක දී සහ 750 mmHg පීඩනයක දී, ජලය යටිකුරු විස්ථාපනයෙන් ඔක්සිජන් 250 cm3 එකතු කරන ලදී. එකතු කරන ඔක්සිජන්, 25 oC උෂ්නත්වයක හා 750 mmHg පීඩනයක දී වියලන ලද්දේ නම් වායුවේ පරිමාව කුමක් ද?

(25 oC දී ජලයේ සන්තෘප්ත වාෂ්ප පීඩනය = 50 mmHg)

56. 
ජලයෙහි HNO3 1×10-8 moldm3 ද්‍රාවණයක pH අගය ආසන්න වශයෙන් කොපමණ ද?

57. 
දර්ශක පහක් සඳහා pH පරාස (වර්ණ විපර්යාස අන්තරය) පහත සටහන් කර ඇත. 1× 10-3 moldm-3 NaOH ද්‍රාවණයක 25.0 cm3, 1×10-3 moldm3 HCI ද්‍රාවණයක් සමඟ අනුමාපනය සඳහා වඩාත්ම සුදුසු වන්නේ කුමන දර්ශකය ද?

58. 
CuSO4 හා ZnSO4 අඩංගු තනුක ද්‍රාවණයක සංශුද්ධ Mg පටියක් ගිල් වූ විට නිරික්ෂණය කිරීමට වඩාත්ම ඉඩ ඇත්තේ

59. 
Br- අයනයෙහි අරය 1.95 A ̇ වේ. KBr (s) හා KCI (s) වල අන්තර් අයනික පිළිවෙළින් 3.28 A ̇ හා 3.14 A ̇ වේ. CI- අයනයේ අරය වන්නේ

60. 
Fe විඛාදන හැදැරීම සඳහා පරීක්ෂණාගරයේ දී ශිෂ්‍යයෙක් විසින් පහත දැක්වෙන පරීක්ෂණාකූල ඇටවුම් සකස් කරන ලදි.



යකඩ ඇණයේ විඛාදනයෙහි කිසිම ලක්ෂණයක් නො පෙන්වන්නේ ඉහත සඳහන් කුමන ඇටවුමේහි ද?

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya